spot_img
spot_imgspot_img

“බෝන් අගේන්” ක්‍රිකට් වනසනවා ද ? වාර්තාව ක්‍රීඩා ඇමතිට දෙයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට බෝන් අගේන් ඇතුළු ආගමික කණ්ඩායම්වලින් සිදුවන බලපෑම පිළිබඳ කරන ද විමර්ශනයේ වාර්තාව ඊයේ (10) ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහට භාර දී තිබේ.

මෙම විමර්ශනය සිදුකරන ලද්දේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධනගේ සභාපතිත්වයෙන් යුතු සය පුද්ගල කමිටුවක් මගිනි.

එම කමිටු වාර්තා සහ ඊට අදාළ උපලේඛන, සාක්ෂි සටහන් ඇතුළත් වාර්තා පොත් දෙකක් වශයෙන් නිර්දේශ සහිතව සකස් කර ඇත.  මෙම වාර්තාවේ පිටපත් අමාත්‍යාංශ ලේකම්වරයාට, ජාතික ක්‍රීඩා සභාවට සහ ජාතික තේරීම් කමිටුවට ද භාර දීමට නියමිත බව කමිටුව කියයි.

මෙම වාර්තාවට අරමුදල් අවභාවිතා කිරීම, සමාජ මාධ්‍යයෙන් සිදුවන බලපෑම, ආගමික නිකායේ ඇති බලපෑම ආදී කරුණු රැසක් ඇතුළත්වන බව ද පැවසේ. බෝන් අගේන් නමින් හඳුන්වන ආගමික නිකායෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට එල්ල වී ඇති බලපෑම පිළිබඳව ද මෙහි කරුණු අඩංගුවන බව දැනගන්නට ඇත. එම බලපෑම් සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග, නියාමනයන් සහ නිර්දේශ ද මෙම වාර්තාවේ අඩංගුවන බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!