spot_img
spot_imgspot_img

ආදර්ශාගේ අපේක්ෂාව බොඳ වෙයි. ඉල්ලීම අධිිකරණයෙන් ප්‍රතික්ෂේපයි

පුවත්

විදෙස්

ආශු මාරසිංහට එරෙහිව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ ආදර්ශනී කරඳන නමැත්තිය විසින් කරන ලද අපේක්ෂිත ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (10) ප්‍රතික්ෂේප කරන ලදී.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ ඇයට අපේක්ෂිත ඇප ලබාදීම සුදුසු නොවන බවයි.

ආදර්ශා කරඳන වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ ආශූ මාරසිංහ නැමැත්තෙකු සුනඛයකු සමග අස්වාභාවික ආකාරයෙන් හැසිරෙන වීඩියෝවක් සමාජ ජාලවලට මුදා හැරීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තම සේවාදායිකාව අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවයි. මෙසේ අත්අඩංගුවට පත්වූවවොත් ඇයගේ ජීවිතයට අනතුරක් සිදුවිය හැකි බැවින් එසේ අත්අඩංගුවට ගැනීමට පෙර ඇය අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ආශු මාරසිංහ වෙනුවෙන් ද නීතිඥවරයකු පෙනී සිටි අතර ඔහු කරුණු දක්වමින් කියා සිටියේ ඇයට අපේක්ෂිත ඇප ලබාදීමෙන් විමර්ශන කටයුතුවලට බාධාවක් විය හැකි බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේ දී කියා සිටියේ මෙම සැකකාරිය විමර්ශන කටයුතුවලට සහය නොදෙන බවයි. මෙම කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඇයගේ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!