1909 ජනවාරි 09 වැනි දා මිනිස් ඉතිහාසයේ ඉතාමත් වැදගත් දිනයකි. ඒ දක්ෂිණ ධ්‍රැවයේ එතෙක් මිනිසකු ළඟා වී නැතැයි අනුමාන කළ වැඩිම දුරකට බ්‍රිතාන්‍ය ජාතික අර්නස්ට් ෂැකල්ටන් ඇතුළු කණ්ඩායමක් ගොස් බ්‍රිතාන්‍ය ධජය එහි සවිකිරීමයි. නිම්රොඩ් නිමින් හඳුන්වන ලද දක්ෂිණ ධ්‍රැව ගවේෂණ අවස්ථා තුනකින් පළමුවැන්න එයයි.
මෙම ගවේෂණයේ අරමුණ වූයේ දක්ෂිණ ධ්‍රැවයේ භූගෝලීය සහ විද්‍යාත්මක සාධක ගවේෂණය කිරීමයි. නමුත් එවැනි ගවේෂණයක් පළමු ගමනේ දී සිදු නොවූ අතර දක්ෂිණ ධ්‍රැවයට නාවික සැතපුම් 97.5ක් වෙත් කිලෝ මීටර 180.6ක් මෙපිටින් නතර වී බ්‍රිතාන්‍ය ධජය එසවීමට සිදුවිය.
මෙම ගවේෂණයට බ්‍රිතාන්‍ය රජයෙන් හෝ ආයතනික මට්ටමින් කිසිදු ආධාරයක් නොලැබුණු බැවින් ගවේෂණ කණ්ඩායම බරපතල මූල්‍ය ගැටලුවකට මුහුණ පා තිබිණි. අවසානයේ දී ඔවුන්ට සිදුවූයේ පුද්ගලික ණය සහ පුද්ගල දායකත්වය මත මේ අද්විතීය ගමන සංවිධානය කිරීමයි.
ආපසු පැමිණි ෂැකල්ටන්ට ඔහුගේ ජයග්‍රහණය පිළිබඳ රාජකීය භූගෝලීය සංගමයේ (RGS) ප්‍රශංසා ලැබුණු අරත හත්වැනි එඩ්වර්ඩ් රජුගෙන් නයිට් පදවියක් ද හිමිවිය. නමුත් වසර 03ක් ඇතුළත ඔහුගේ මේ වාර්තාව බිඳ වැටිණි. අමුන්ඩ්සන් සහ ස්කොට් යන දෙදෙනා දක්ෂණි ධ්‍රැවයට ගමන් කළේයෙ