spot_img
spot_imgspot_img

මාතර නීතිඥ සංගමයේ ඉල්ලීම අභියාචනාධිකරණය නිෂ්ප්‍රභා කරයි

පුවත්

විදෙස්

මාතර උසාවි සංකීර්ණය කොටවිල ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට එරෙහිව මාතර නීතිඥයන් පිරිසක් විසින් රීට් ආඥාවක් ඉල්ලා අභියාචනාධිකරණයට ගොනුකර තිබූ පෙත්සම අද (09) ‍නිෂ්ප්‍රභා කෙරිණි.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන විනිසුරුවරුන් විසින් මෙම පෙත්සම නිෂ්ප්‍රභා කරන ලදී.

මාතර උසාවි පද්ධතිය වෙනුවෙන් කොටවිල ප්‍රදේශයේ නව උසාවි සංකීර්ණයක් ඉදිකරන ලද අතර සියලු අධිකරණ ඒ වෙත ගෙන යන ලදී. මෙයට විරෝධය දක්වමින් මාතර නීතිඥවරු නඩුවලට පෙනී සිටීම පවා නතර කළහ. ‍කොටවිලට උසාවි සංකීර්ණ ගෙනයාමට එරෙහිව රීට් ආඥාවක් නිකුත් කරන්න යැයි ඉල්ලා තිබිණි.

මාතර නීතිඥ සංගමය පසුගිය දෙසැම්බර් 16 වැනි දා කැඳවූ විශේෂ මහා සභා රැස්වීමක දී එහි සාමාජික සාමාජිකාවන් 400ක පමණ පිරිසක් ඒකමතිකව සම්මත කරගෙන තිබුණේ කොටවිල නව උසාවි සංකීර්ණයේ නඩු කටයුතු සඳහා සහභාගී නොවන බවයි. ඒ බව මාතර නීතිඥ සංගමය විසින් අනෙකුත් ප්‍රදේශවල නීතිඥ සංගම්ද දැනුම්වත් කර තිබූ අතර ඇතැම් අවස්ථාවල දී නීති සේවා ලබාදීමට මාතර සහ තංගල්ල නීතිඥයන් සහභාගී වී සිටි අතර එම අවස්ථාවන් ද මාතර නීතිඥ සංගමය විසින් සමාජ මාධ්‍ය ඔස්සේ පවා දැඩි ලෙස විවේචනය කර තිබිණි.

ඒ අනුව මාතර නීතිඥවරුන්ගේ උත්සාහය අසාර්ථක වූ අතර කොටවිල නව උසාවි සංකීර්ණයේ දිගටම නඩු කටයුතු කරගෙන යනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!