-5.2 C
New York

අනතුරක් ද ? වහාම කියන්න. මාර්කෝනි සමාගම ලෝකයට දුන් සංඥා ක්‍රමය -අද වැනි දවසක් (ජනවාරි 07)

Published:

අදින් වර්ෂ 118 කට පෙර ගුග්ලිඑල්මෝ මාර්කෝනි ජාත්‍යන්තර සමුද්‍ර සන්නිවේදන සමාගම විසින් CQD නමැති ආපදා සංඥා ක්‍රමය ලෝකයට හඳුන්වා දුන්නේය. වර්තමානයේ භාවිතා කරන SOS සංඥා ක්‍රමය හඳුන්වාදෙන තුරු ලෝකයේ ජනප්‍රියම ආපදා සන්නිවේදන ක්‍රමය වූයේ  CQD සංඥාවයි. මෝස් කේතයන් මගින් – · – · – – · – – · ·ලෙස සම්ප්‍රේෂණය කෙරිණි.

විපතට පත් වූ ඕනෑම නැවකින්, උදව් ඉල්ලා මේ සංඥාව ලබාදිය යුතු බව ද එය C Q D ලෙස හැඳින්වෙන බවද සම්මත විය. මෙය පසුව අනතුරු ඇඟවීමේ, පූර්ව ආරක්ෂාවීමේ හා ආධාර ඉල්ලීමේ සංඥාවක් ලෙස ටෙලිග්‍රාෆ් ක්‍රමයට සමුද්‍ර යාත්‍රාවල හෝ ගොඩබිම ඕනෑම තැනක භාවිතයට ගැණිනි. නමුත් මෙය ජාත්‍යන්තර ප්‍රමිතියක් ලෙස පිළිගත්තේ නැත.

1906 දී බර්ලීනයේ පැවති පළමු ජාත්‍යන්තර රේඩියෝටෙලිග්‍රෑෆික් සම්මුතියේ දී මෙය දැඩිව සාකච්ඡාවට ගැණුනු අතර එය පසුව සම්මතයක් ලෙස පිළිගැණිනි. නමුත් මෙම ආපදා සංඥාව ඉක්මණින් ම SOS  ප්‍රචලිත විය.

1904 භාවිතයට ආ මෙම ආපදා සංඥා ක්‍රමයෙන් ජනප්‍රිය වන්නට විය. 1909 ජනවාරි 23 අලුයම ලිවර්පූල් සිට නිව් යෝර්ක් වෙත යාත්‍රා කරමින් තිබූ නෞකා දෙකක් ගැටුණු අරත එහි දී මෙම සංඥා භාවිතා කෙරිණි.

1912 අප්‍රේල් 15 වන දින ටයිටැනික් නෞකාවේ අනතුර අවස්ථාවේ දී ද එහි සිටි ගුවන්විදුලි ක්‍රියාකාරු CQD සංඥා යවා තිබිණි.

Related articles

Recent articles

spot_img