spot_img
spot_imgspot_img

“15,000කට මරු කැඳවූ භූමිකම්පාවක්” – අද වැනි දවසක් (ජනවාරි 05)

පුවත්

විදෙස්

පුද්ලයන් 15,000කට වැඩි පිරිසකට මරු කැඳවිමන් 12,000කට තුවාල ඇතිකරමින් බිහිසුණු භූමිකම්පාවක් 1970 ජනවාරි 05 වැනි දා සිදුවිය. එම ස

චීනයේ යුනාන් ප්‍රාන්තයේ ටොන්ගායි ප්‍රදේශයේ මේ භූමිකම්පාව සිදු වී ඇති අතර එය සටහන් වූයේ රිච්ටර් මාපකයේ ඒකක 7.1ක් ලෙසිනි. වර්ෂ 1700න් පසු රිච්ටර් මාපක 07 ඉක්මවූ භූමිකම්පාවක් චීනයෙන් වාර්තා වී තිබුණේ නැත.

මෙම කම්පන තරංග වර්ග කිලෝ මීටර 8,781ක ප්‍රමාණයක් දක්වා පැතිර ගිය බව ද වාර්තා වෙයෙි.

මෙහි අපි කේන්ද්‍රය පිහිටා තිබී ඇත්තේ චීනයේ භූමිකම්පා බහුලව සිදුවන රතු ගංඟාව නම් ප්‍රදේශයේය. භූමිකම්පාවේ අපි කේන්ද්‍රය කුන්මිං සිට නිරිත දෙසින් කිලෝ මීටර 121ක් සහ ගෙජියු සිට කිලෝ මීටර 97ක් වයඹ දෙසින් පිහිටා තිබිණි.

උතුරු වියට්නාමයේ හැනොයි හි අපිකේන්ද්‍රයේ සිට කිලෝ මීටර 483ක් පමණ දුරින් පවා නිවෙස් විනාශ වී බව ද සඳහන් වේ.

වර්ෂ 1700න් පසු රිච්ටර් මාපක 07 ඉක්මවූ භූමිකම්පාවක් අත්දකින ලද අවස්ථාවක් ලෙස මෙය ඉතිහාසයට එක්විය.

රොයිටර් පුවත් සේවය එකල වාර්තා කර ඇත්තේ “ව්‍යසනයට එරෙහිව සටන් කිරීමට” විපතට පත්ව දිවි ගලවාගත් ජනතාව එක් වූ බවයි.

භූමිකම්පාවෙන් පසු විවිධ ආධාර විපතට පත්වූ‍වන්ට බෙදාදීමට චීන රජය කටයුතු කළ තිබුණ ද වසර 30කට පසු 2000 වර්ෂයේ දී බීිං මෝනං පෝස්ට් මෙම භූමිකම්පාව විස්තර කරමින් කියා සිටියේ “බෙදා හරින ලද අධාර ඉතාමත් කුඩා” බවයි.

භූමිකම්පාවෙන් වසර 18ක් ගතවන තුරු එහි තොරතුරු චීන බලධාරීන් විසින් ප්‍රසිද්ධ කර තිබුණේ නැත. චීනයේ කොමිසියුනිස්ට් පාලනයේ මුල් දශකවල එහි ප්‍රතිපත්තිය වූයේ විදේශිකයන්ට තුවාල සිදුවුවහොත් මිස ස්වභාවික විපත් හෝ අනතුරු හෙළි නොකිරීමයි. භූමිකම්පාව සිදු වූ අවස්ථාවේ දී Xinhua පුවත් ඒජන්සිය ඉතාමත් කෙටි පුවතක් පළ කරනු ලැබූ අතර එහි දැක්වූයේ කුඩා භූමිකම්පාවක් සිදුව ඇති බවයි. නමුත් රොයිටර් මේ භූමිකම්පාව ගැන ඉක්මණින් ම තොරතුරු ලෝකයට හෙළි කළේය

1988 නොවැම්බර් 19 වැනි දින වසර 19කට පසු රාජ්‍ය භූ කම්පන කාර්යාංශ එකල සිදු වූ භූමිකම්පාවක් ගැන මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ 1970 භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 10,000කට ආසන්න බවයි. රජය මීට පෙර මේ බව හෙළි නොකළේ ඇයැදැයි යන්න ඔවුන් පැහැදිළි කළේ නැත.

චීන රජය 2000 වර්ෂයේ දී නැවත කියා සිටියේ 1970 සිදුවූ භූමිකම්පාවෙන් 15,621 දෙනකු මියගිය බවයි. එම ප්‍රකාශ්‍ය කරන ලද්දේ භූමිකම්පාවට වසර 30ක් සම්පූර්ණ වූ ජනවාරි 05 වැනි දා යුක්සි හි දී දිවිගලවාගත් අය සහ මියගිය ඥාතීන් වෙනුවෙන් අනුස්මරණ උත්සවයක් සංවිධානය කරමිනි.

භූමිකම්පාවෙන් සිදු වූ ජීවිත හානි සහ දේපළ හානිය පිළිබඳ චීන රජය ‍නිශ්චිතව හෙළි කොකළ ද එම භූමිකම්පාව පිළිබඳ දීර්ඝ අධ්‍යයනයන් රැසක් සිදුකර තිබේ. භූකම්පන විද්‍යාඥයන්, ඉංජිනේරුවන් සහ වෙනත් ආකාරයේ විශේෂඥයන් 40කට වැඩි පිරිසක් භූමිකම්පාවට හේතුව සහ හානිය පිළිබඳ පර්යේෂණ පැවැතව්ීම සඳහා ආපදා කලාපයට යවන ලද්දේ ඉතාමත් ඉක්මණිනි ඉන් පසු ඔවුහු දීර්ඝ කාලයක් මේ පර්යේෂණ සිදුකළහ. ප්‍රාථමික පර්යේෂණ සාක්ෂිවල සිට විද්‍යාත්මක විශ්ලේෂණයන් දක්වා පුළුල් වූ මෙම පර්යේෂණ සඳහා ප්‍රදේශයේ ස්ථාන 1,400කින් පස් සාම්පල, පාෂාණ සහ වෙනත් දත්ත රැස්කරගෙන තිබිණි.

භූමිකම්පාවෙන් වසර විසිපහකට පසු ජාතික විශයෙන් විශාලත ම භූමිකම්පා නිරීක්ෂණ ජාලය යුනාන් හි පිහිටුවීමට චීනය කටයුතර කරන ලදී. ඕනෑම ආකාරයේ කම්පනයක් සඳහා සූදානම්වීම සඳහා සෑම ප්‍රාන්ථයක ම භූමිකම්පා නිරීක්ෂණ කාර්යාල ද පිහිටුවීය.

අපි කේන්ද්‍රය පිහිටා තිබූ ස්ථානය අද දිස්වන ආකාරය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!