spot_img
spot_imgspot_img

රාජ්‍ය සේවකයන් 25,000ක් අවුරුදු 05ක නිවාඩු ඉල්ලලා

පුවත්

විදෙස්

රාජ්‍ය සේවයේ නිරත සේවක සේවිකාවන් 25,000කට අධික ප්‍රමාණයක් වසර 05ක වැටුප් රහිත නිවාඩු අයදුම්කර ඇතැයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙලෙස නිවාඩු ඉල්ලීමේ අයදුම්පත්‍ර 25,000ක් අමාත්‍යාංශය වෙත යොමුකර අඇත්තේ පුසගිය ජුනි 22  වැනි දා සිට දෙසැම්බර් 15 වැනි දා අතර කාලයේ දී ය. එලෙස ලැබුණු අයදුම් පත්‍ර අතරින් 1,150 දෙනකු සඳහා දැනටමත් නිවාඩු අනුමත කර ඇති බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම අයදුම්පත්‍ර සඳහා අනුමැතිය ලබා දෙන්නේ ආයතන ප්‍රධානියාගේ නිර්දේශය අනුව බව ද රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. ඔවුන් නිවාඩු ලබාගත්ත ද ආයතන කටයුතු ගැටලුවකින් තොරව පවත්වාගෙන යා හැකියැයි ආයතන ප්‍රධානියා ලබාදෙන නිර්දේශය අත්‍යාවශ්‍ය වෙයි.

රාජ්‍ය සේවකයන් වැඩිම පිරිසක් අයදුම්කර ඇත්තේ කොරියාවට යාමට වුව ද ඔවුන්ගෙන් විශාල පිරිසකට භාෂා ප්‍රශ්නය ද ගැටලුවක් වී ඇති බව වාර්තා වේ. මේ වනවිට නිවාඩු අනුමත කළ අයගෙන් 120ක් සඳහා දේශීය නිවාඩු ද 911 සඳහා විදේශීය නිවාඩු ද අනුමත වී තිබේ.

අමාත්‍යාංශය සඳහන් කරන්නේ පසුගිය ජුනි 22 වැනි දා නිකුත් කළ වසර 05ක නිවාඩු ලබාදීමේ චක්‍රලේඛය අනුව ඉදිරියේ දී විදේශ නිවාඩු ඉල්ලුම්පත්‍ර ලැබීමේ ප්‍රමාණය වැඩිවිය හැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!