තම 12 හැවිරිදි දියණියට උපත්පාලන පෙති ලබාදෙමින් වසර 02ක කාලයක සිට අතවරය කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදාවේ හිටපු සෙබළකු ලබන ජනවාරි 05 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට කැකිරාව දිසා විනිසුරු සමන් වැරණියගොඩ නියෝග කළේය.
එදිනට සැකකරු ගම්පොළ මහේස්ත්‍රාත් අධිිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ද අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කිරීමට ද දිසා විනිසුරුවරයා විසින් උපදෙස් දෙන ලදී.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පොළ ස්ථිරව පදිංචිව සිටි 35 හැවිරිදි තිදරු පියෙකි. ඔහු තම බිරිඳ, පිරිමි දරුවන් දෙදෙනා සහ එකම දියණිය සමඟ ගල්නෑවේ තාවකාලිකව පදිංචි වී ඇත්තේ 12 හැවිරිදි තම දියණිය තරුණයකු සමඟ ඇතිකරගත් ප්‍රේම සම්බන්ධයක් නතර කිරීමේ අපේක්ෂාවෙන් බව බිරිඳට කියා ඇත. නමුත් පොලිසිය පවසන්නේ ගල්නෑවේ හුදකලා ප්‍රදේශයකට ඔවුන් රැගෙන විත් ඇත්තේ තම සිතැඟි පරිදි අතවර කිරීඹට බවයි.
තමන්ගේ පියා වසර දෙකක පමණ කාලයක සිට විවිධ බලපෑම් සිදුකරමින් තමන්ට අතවර කරන බවට දියණිය විසින් පසුගිය දා ගල්නෑළු පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි. පොලිසිය අධිිකරණයේ දී කියා සිටියේ මෙම සිද්ධි සම්බන්ධයෙන් මව හෝ වෙනත් අයකුට කවහොත් මවත්, සහෝදරයනුත් මරා දමන බවට පියා තර්ජනය කරන බැවින් කිසිවෙකුට ඒ බව නොකියා සියල්ල විඳදරාගත් බව දියණිය පවසන බවයි. එමෙන් ම මෙම දියණියට උපත්පාලන පෙති ලබා දීමට ද පියා කටයුතු කර ඇති බව පොලිසිය අධිිකරණයට දැනුම් දුන්නේය.
අතවරයට ලක් වූ දැරිය අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිිකරණ වෛද්‍ය අංශයට ඉදිරිපත් කර වාර්තාවක් ලබාගැනීමට ද කටයුතු කර තිබේ.
ගල්නෑව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.