සුරාබදු දෙපාර්තමේන්තුවට බිලියන 170ක වාර්තාගත ආදායමක්

පුවත්

විදෙස්

සුරාබදු දෙපාර්තමෙන්තුව 2022 වර්ෂ‍ තුළ මෙතෙක් ඉතිහාසයේ ඉහළම ආදායම වාර්තා කර තිබේ. එම මුදල රුපියල් කෝටි 17,000ක් හෙවත්, බිලියන 170කි.

වසර 110ක සුරාබදු දෙපාර්තමේන්තු ඉතිහාසයේ 2020 වර්ෂයේ දී රුපියල් බිලියන 121ක් සහ 2021 දී රුපියල් බිලියන 140ක් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් උපයාගෙන තිබූ බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි පවසයි.

මත්පැන් සඳහා ඇති ඉල්ලුම 40%කින් අඩුවී ඇතත් මෙලෙස වැඩි ආදායමක් ලබාගැනීමට හැකිවූයේ, මත්පැන් මිල ඉහළයාම, දේශීය සහ විදේශීය මත්පැන් වර්ග සඳහා ස්ටිකර් ඇලවීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වැනි හේතූන් නිසා බව ද හෙතෙම පෙන්වා දෙයි. එමෙන් ම මත්පැන් අපනයනය දිරිගැන්වීම සඳහා රුපියල් කෝටි 500ක බදු නිදහස් කිරීම් ද සිදුකර තිබිය දී ‍මෙවැනි ආදායමක් ලබා ගැනීමට හැකි වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles