හෝමාගම සියදිවි නසා ගැනීම් වැඩි වී ඇතැයි හදිසි මරණ පරීක්ෂක බී.එච්.කේ.චින්තක උදයකුමාර පවසයි.
ගත වූ දින 05ක කාලයේ දී සියදිවි නසාගත් පුද්ගලයන් 11 දෙනකුගේ මරණ පරීක්ෂණ සිදුකළ බව හෙතෙම කියයි. මෙලෙස සියදිවි නසාගත් පුද්ගලයන් අතර වසය අවුරුදු 15 සිට 65 දක්වා පුද්ගලයන් සිටින බව ද ඉන් මරණ 07ක් ම අධික මත්පැන් පානයට සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් බව ද හදිසි මරණ පරීක්ෂකවරයා කීවේය.
ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් සිත්තැවුලට පත්වූ 15 හැවිරිදි පාසල් දැරියක ද සියදිවි නසාගත් අය අතර සිටින බව පවසන හදිසි මරණ පරීක්ෂකවරයා පෙන්වාදුන්නේ බොහෝ දෙනකු පවුල් ආරවුල් හේතුවෙන් සියදිවි නසාගෙන ඇති බවයි.
මනෝ වෛද්‍යවරු පවසන්නේ සියදිවි නසාගැනීම් වළක්වාගත හැකි දෙයක් බවයි. කෙනෙකු සියදිවි නසාගන්නේ හදිසියේම නොවන බවත්, ඉච්ඡාංභංගත්වය, මානසික ආතතිය වැනි හේතූන් මත දීර්ඝකාලීන සැළසුමක් ඇතිව එය සිදුකරගන්නා බවත් වෛද්‍යවරු කියති. එබැවින් සියදිවි නසාගැනීමට ඉඩ ඇති පුද්ගලයන් හඳුනාගත හැකි බැවින්, මෙය වළක්වාගත හැකි තත්වයකි.