ව්‍යාපෘති සඳහා ලබාදුන් ණය මුදල් නිසි වේලාවට ප්‍රයෝජනයට නොගැනීම නිසා ණය ලබාදුන් ආයතනවෙත රුපියල් කෝටි 3,300කට වැඩි මුදලක් බැඳීම් ගාස්තු ලෙස ගෙවීමට සිදුව ඇතැයි විගණකාධිති දෙපාර්තමේන්තුවේ වාර්තාවක දැක්වේ.
වැඩ ප්‍රමාදවීම හේතුවෙන් මෙවැනි මුදලක් ගෙවීමට සිදුව ඇත්තේ ව්‍යාපෘති 05ක් වෙනුවෙනි. 2014-2016 අතර කාලයේ දී ආරම්භ කර තිබූ බෙලිඅත්ත සිට වැටිය දක්වා දක්ෂිණ අධිවේගි මාර්ගය දිර්ඝ කිරිමේ ව්‍යාපෘතියට, නාගරික සෞඛ්‍යරක්ෂන සහ සනිපාරක්ෂන මුල පිරිම් ව්‍යාපෘතියට, අනුරාධපුර ඒකාබද්ධ නාගරික සංවර්ධන ව්‍යාපෘතියට, ආනමඩුව ඒකාබද්ධ ජලසම්පාදන යෝජනා ක්‍රමයට, විසල් මාතලේ ජල සම්පාදන ව්‍යාපෘතියට බව ද විගණන වාර්තාවේ සඳහන් කර ඇත.
මෙලෙස ගෙවීමට සිදුව ඇති මුදල ඇමරිකන් ඩොලර් 93,175,883කි. ව්‍යාපෘති සඳහා ලබාගත් ණය වාරිකවලට අමතරව මේ මුදල් ප්‍රමාණය ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුව තිබේ. 2016 වර්ෂය වනවිට අවසන්කිරීමට නියමිතව තිබූ ඇතැම් ව්‍යාපෘති 2020 වර්ෂය අවසන් වනවිටත් නිමාකර නොතිබීම ද විශේෂත්වයකි.