චීනයේ සිට පැමිණෙන සියලු සංචාරකයන් කොරෝනා 19 සඳහා පරීක්ෂණවලට යොමු වී ආසාදිතයන් නොවන බව තහවුරු කළ යුතු යැයි ඇමෙරිකාව නිවේදනය කර තිබේ.
ඇමෙරිකාවේ සෞඛ්‍ය අංශ පවසන්නේ චීනයේ සට පැමිණෙන වයස අවුරුදු 02 ඉක්ම වූ සියලු දෙනා දින දෙකක් ඇතුළත ලබාගත් කොවිඩ් ආසාදිතයකු නොවන බවට තහවුරු කරන වෛද්‍ය වාර්තා ඉදිරිපත් කිරීම අවශ්‍ය බවයි.
දින 10 කට පෙර ආසාදිතයකු වී සිටියේ නම්, ඇමෙරිකාවට ඇතුළුවීමට පෙර සුවය ලබා ඇති බවට වෛද්‍ය වාර්තාවක් ද අවශ්‍යකර තිබෙබ්.
ඇමෙරිකාවට ඇතුළුවන විට ආසාදිතයකු බවට තහවුරු වුවහොත් එවැනි සියලු දෙනා නිරෝධායනයට යොමු කිරීමට ද ඇමෙරිකාව කටයුතු කර ඇත.
චීනයෙන් පැමිණෙන සංචාරකයන්ට පමණ නොව, ඉතාලියෙන්, ඉන්දියාවෙන්, තායිවානයෙන් සහ ජපානයෙන් පැමිණෙන සංචාරකන්ට ද තහංචි පැනැවීමට ඇමෙරිකාව සැළසුම් කර ඇති අතර මෙතෙක් ඒ ගැන අවසන් තීන්දුවක් ගෙන නැත.