ගාල්ලේ, මාගාල්ල කච්චිවත්ත විහාරස්ථානයෙන් භාණ්ඩ සොරාගත් පුද්ගලයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අක්මීමණ පදිංචි 39 හැවිරිදි පුද්ගලයකු සහ පානදුර පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙකි. පානදුරේ පදිංචි පුද්ගලයා සාමිවරයකු ලෙස පෙනී සිටින අයකු බව ද පොලිසිය සඳහන් කරයි.
කච්චිවත්ත විහාරස්ථානය බෞද්ධ විහාරස්ථානයක් වුව ද එය මේ වනවිට වඩාත් ප්රසිද්ධව ඇත්තේ හින්දු දෙවිවරුන්ට භාරහාර සිදුකරන ස්ථානයක් ලෙසිනි. විහාර භූමියේ ඇති දේවාලයක තිබූ පිත්තල පිළිමයක්, සරස්වතී සහ විශ්ණු දෙවියන්ගේ පිළිම, සළඹ 52ක්, සීනු 32ක් සහ පිත්තල පහන් 08ක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සඳහන් කරන්නේ පසුගිය 19 වැනි දා මේ සම්බන්ධ පැමිණිලි ලැබී තිබුණු බවයි. අවස්ථා තුනක දී මේ භාණ්ඩ සොරකම් කර ඇති බව මූලික පරීක්ෂණවල දී අනාවරණය වී තිබේ.