spot_img

දකුණේ හය වසර විභාගයට වයඹ ප්‍රශ්න පත්‍රයක් කොපි කරලා

පුවත්

විදෙස්

දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් අද(14) පැවැත්වූ දෙවැනි වාර විභාගයේ දී 6 ශ්‍රේණිය භූගෝල විද්‍යාව ප්‍රශ්න පත්‍රය සඳහා වයඹ පළාත් 2019 ප්‍රශ්න පත්‍රයම ලබාදීම හේතුවෙන් ගැටලුවක් මතුවී තිබේ.

ගුරුවරුන් චෝදනා කරන්නේ මෙලෙස වයඹ පළාතේ 6 ශ්‍රේණිය භූගෝල විද්‍යාව පැරණි ප්‍රශ්න පත්‍රයක් අද ලබාදෙන බවට දකුණේ බොහෝ පාසැල් සිසුන් දැනුම්වත්ව සිට ඇති බවයි. සිසුන්ගෙන් විමසීමේ දී අනාවරණය වී ඇත්තේ ඊයේ(13) දිනයේ දී ඔවුන්ගේ වට්ස් ඇප් සමූහ වෙත ලැබුණු පණිවුඩ බෙදාගැනීම මගින් ඒ සම්බන්දව බොහෝ දෙනකු දැනුම්වත්ව ඇති බවයි. අද(14) භූගෝල විද්‍යාව ප්‍රශ්න පත්‍රය සඳහා පැමිණි 6 ශ්‍රේණියේ සිසුන් එම ප්‍රශ්න පත්‍රයට  සූදානම් වී පැමිණ සිටි බවට ද ගුරුවරු චෝදනා කරති.

මේ සම්බන්දව අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ විධායක කමිටු සාමාජික සහ එම සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ශාඛාවේ ලේකම් කැළුම් ද සිල්වා මෙසේ කීවේය.

“මෙය සිදු නොවිය යුතු දෙයක්. විභාග ප්‍රශ්න පත්‍ර සඳහා වෙනත් පළාත්වල ප්‍රශ්න පත්‍ර පිටපත්කර උපුටා ගැනීම ලැජ්ජා සහගතයි. මෙවැනි ක්‍රියා හේතුවෙන් විභාගයේ ගුණාත්මක බව නැතිවෙනවා. ඒ වගේම විභාග ගැන දරුවන්ගේ විශ්වාසයත් පළුදු වෙනවා. අප අදාල අංශ වලින් ඉල්ලා සිටිනවා වහාම මේ ගැන පරීක්ෂණයක් පවත්වන්න කියා.”

වයඹ ප්‍රශ්න පත්‍රය
දකුණේ ප්‍රශ්න පත්‍රය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles