spot_img

පාසල් සිසුන්ට සෞඛ්‍ය අංශයෙන් විශේෂ දැනුම් දීමක්

පුවත්

විදෙස්

වායු ගෝලයේ පැවැති දූෂිත තත්වය හේතුවෙන් වසා දැමුණු රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් අද (12) සිට සාමාන්‍ය පරිදි ආරම්භ වුව ද සිසු සිසුවියන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කළ යුතු යැයි රජය නිවේදනය කරයි.

මේ වනවිට වායුගෝලයේ දූෂිත මට්ටම අඩු වෙමින් පැවතිය ද අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පාසල් දරුවන් තවදුරටත් මුඛ ආවරණ පැළඳීම යෝග්‍ය බව සෞඛ්‍ය අංශ පවසයි.

ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසන්නේ මේ දනිවල ශ්වන සහ වයිරස් රෝගයක්ද පැතිරෙමින් තිබෙන බැවින් එයින් ආරක්ෂාවීමට ද මුඛ ආවරණ ඉහවහල් වන බවයි.

“මේ දිනවල පවතින සීතල තත්ත්වයත්, දූවිලි තත්ත්වයත් දෙකම නිසා ළමයින්ට වයිරස් උණ රෝග පැතිරීමේ අවධානම තියෙනවා. ඒ නිසා තව දින කිහිපයක් හෝ සති කිහිපයක් හෝ මේ සීතල තියෙන තුරු දරුවන්ට මුඛ ආවරණ දාගෙන පාසල් යන්න පුළුවන් නම් හොඳයි. ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝග මේ දිනවල බහුලයි.” හෙතෙම වැඩිදුරටත් කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles