spot_img
spot_imgspot_img

පොලිසිය කැකිල්ලේ නඩුවකට අර අදිනවා දැයි සැකයක්. කොල්ලුපිටියේ මාරක අනතුර

පුවත්

විදෙස්

කොල්ලුපිටියේ දී ත්‍රී රෝද රථ රියදුරකුට මරු කැඳවූ අනතුරට හේතු වූ සුඛෝපභෝගී මෝටර් රථයේ සිටි කාන්තාවකට පහරදුන් බව කියන කාන්තාන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මාරක රිය අනතුර සිදුවීමත් සමඟ අනතුරට හේතු වූ බෙන්ස් රථය පදවාගෙන ආ රියදුරා පලාගොස් තිබූ අතර රථයේ පිටුපස ආසනයේ සිටි කාන්තාවකට තවත් කාන්තාවන් පිරිසක් බැන වදිමින් පහර දෙන වීඩියෝ දර්ශන මාධ්‍ය මගින් ප්‍රචාරය වී තිබේ. සිද්ධිය ඇසින් දුටු අය පවසන්නේ බෙන්ස් කාරයේ ඉදිරි අසුනේ මත්පැන් බෝතල් සහ අඩක් කෑමට ගත් ආහාර වර්ග තිබූ බවයි.

අනතුර සිදුකර පළාගිය රියදුරා පොලිසිය විසින් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.

ඊයේ (10) අලුයම මේ කොල්ලුපිටියේ දී මේ අනතුර සිදුව ඇති අතර ඉදිරියෙන් ධාවනය වූ ත්‍රී රෝද රථයේ ගැටුණු බෙන්ස් කාරය අසළ ගොඩනැගිල්ලක කණුවක් ද කඩාගෙන ගොස් නතර වී තිබිණි. එම ත්‍රී රෝද රථයේ රියදුරා අනතුර සිදුවූ ස්ථානයේ දී ම මියගියේය.

පොලිසිය විසින් අද සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ සනීපාරක්ෂක සේවා සපයන පුද්ගලික ආයතනයක සේවිකාවන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා  එක්ව තවත් කාන්තාවක් කාරයේ සිටි කාන්තාවකට පහර දී ඇැතැයි පොලිසිය කියයි. එම කාන්තාව මෙම පහරදීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය බවත් ඇය අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බවත් පොලිසිය සඳහන් කළේය.

මෙම කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ පහරකෑමට ලක්වූ බව කියන කාන්තාව විසින් පොලිසියට ලබාදුන් ප්‍රකාශයක් අනුව බව ද පොලිසිය පවසයි.

පහර කෑමට ලක් වූ කාන්තාව විද්‍යුත් නාලිකාවක සේවය කරන තැනැත්තියක බව ද අනතුර සිදුවන අවස්ථාවේ දී ඇය බීමත්ව සිටි බව ද අනාවරණය වී තිබේ.

එම කාන්තාවන් දෙදෙනා හෙට (12) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව ද පොලිසිය කියයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නීතිවේදීන් පවසන්නේ රථයේ සිටි කාන්තාවකට පහර දී ඇත්නම් එය වරදක් බවයි. එය කිසිසේත්ම අනුමත කළ නොහැකි නමුත් පොලිසිය මේ අවස්ථාවේ දී අනතුරට හේතු වූ සුපිරි රථයේ රියදුරා අත්අඩංගුවට නොගෙන එහි සිටි කාන්තාවකට පහර දුන්නා යැයි කියමින් සනීපාරක්ෂක කම්කරු කාන්තාවන් දෙදෙනකු අධිකරණයට ඉදිරිපත් කිරීමට සූදානම් වීම බරපතල සැකයකට තුඩුදෙන හේතුවක් බව ද නීතිඥවරු කියති. නීතිඥයන් පවසන්නේ බලවතුන්ගේ වුවමනාවට පොලිසිය කැකිල්ලේ තීන්දුවකට උත්සාහ ගන්නවා විය හැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!