spot_img
spot_imgspot_img

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ගිනි තැබූ හැටි, වසර 10කට පසු තොරතුරු පනතින් එළියට එයි

පුවත්

විදෙස්

වසර 10කට පෙර කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඇති වූ ගින්න හිතාමතා සැළසුම් සහගතව කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමකින් විසින් සිදුකරන ලද්දක් බව මව්බිම පුවත්පත තොරතුරු දැනගැනීමේ පනත යටතේ කරන ලද ඉල්ලීමකින් අනාවරණය වී තිබේ.

කොළඹ වේල්ල වීදියේ පිහිටා තිබූ පැරණි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය 2012 නොවැම්බර් 26 වැනි දා ගින්නකින් විනාශ විය. එහි තිබූ ලියකියවිලි රැසක් ද ඒ සමඟ දැවී අළු වී ගොස් තිබිණි. දෙමහල් ගොඩනැගිල්ලට සිදු වූ හානිය ‍රුපියල් කෝටි 9.2ක් ලෙස තක්සේරු කළ නමුත් ලියකියවිලිවලට සිදුවූ හානිය තක්සේරු කිරීමට හැකියාවක් නැත.

කෙසේ වෙතත් පසුව මේ ගැන කිසිම පරීක්ෂණයක් සිදු නොවූ අතර ඒ සිද්ධිය ක්‍රමයෙන් ජනතාවට අමතකව ගොස් තිබිණි. මව්බිම පුවත්පත මේ සිද්ධිය සම්බන්ධයෙන් ඇති වාර්තා තොරතුරු පනත යටතේ ඉල්ලා තිබිණි.

ඉන් අනාවරණය වන්නේ ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ පිහිටි අතිරේක ලේකම්වරියගේ කාමරයේ දැව මතට වහා ගිනි ඇවිළෙන සුලු කිසියම් ද්‍රව්‍යයක් භාවිතා කරමින් ගිනි තැබීම සිදුකර ඇති බවට රස පරීක්ෂක වාර්තාවේ සඳහන්ව තිබූ වයි. එමෙන් ම එම වාර්තාවේ දක්නට ලැබෙන්නේ මේ ගින්න පැතිරීයාමේ සීඝ්‍රතාවයේ විශාල වෙනසක් දක්නට නොමැති බවයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරු (කොළඹ බටහිර) විසින් ලබාදී ඇති වාර්තාවේ දක්නට ලැබෙන්නේ විදුලි පරිපථවල හටගැණුනු විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න ඇතිවී තිබේ ද යන්න නිශ්චිතව පැවසීමට කිසිදු සාක්ෂියක් නොමැති බවයි.

කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් විසින් හිතාමතා සහ සැළසුම් සහගතව මේ ගින්න ඇතිකර තිබෙන බව එම වාර්තා අනුව පැහැදිළි වෙයි.

ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු වගකිව යුතු අයකු පිළිබඳ අනාවරණයක් නැත. ඒ නිසා කිසිදු නීතිමය පියවර ගැනීමක් ද සිදුව නැති බව සඳහන් වේ. එම ගින්න ඇතිකිරීම සම්බන්ධයෙන් වැරදිකරුවකු හෝ සැකකරුවකු හෝ නොමැතිවීම නිසා මෙම පරිශ්‍රය 2012 දෙසැම්බර් 19 වැනි දින සිට නැවත රාජකාරී කටයුතු සඳහා භාවිතා කිරීමට කොළඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් අවසර ලබා දී ඇත.

තොරතුරු දැනගැනීමේ පනත අනුව හෙළි වූ කරුණුවලින් පැහැදිළි වන්නේ මේ සම්බන්ධයෙන් වගකිව යුතු අයකු හමුවීමට නොහැකි නිසා සිදු වූ අලාභය පිළිිබඳ සිදුකරන පරීක්ෂණ ද අතරමග නවතා දමා ඇති බවයි.

කාර්යාලයේ රාජකාරී අවසන්වීමෙන් පසු ආයතනයෙන් පිටව යන අවස්ථාවේ දී දොර ජනෙල් අගුළු නිසි පරිදි දැමිය යුතු බවට අංශ ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබිය දී පරීක්ෂණ මණ්ඩලය ඒ ගැන සැළකිලිමත් වී ඇත්ද යන්නත් ගැටලුකාරී තත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!