5.6 C
New York

OIC නීතිය ක්‍රියාත්මක කරයි. rata.lk පුවතින් පසු යකඩ කට ගලවා ඉවත්කරයි

Published:

නීති විරෝධී ශබ්ද විකාශන යන්ත්‍රයක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකරමින් අපරාධමය වරදකට ආධාර අනුබල දුන් වීරඹුගෙදර පොලිසිය සම්බන්ධයෙන් rata.lk අපි ඊයේ (09) දිනයේ කරන ලද හෙළිදරව්වෙන් පසු ඊයේ (09) රාත්‍රියේ ම එම ශබ්ද විකාශන යන්ත්‍ර ගලවා ඉවත්කිරීමට කටයුතු කර තිබේ.

අප කළ අනාවරණය මෙතැනින්

මෙම පුවත දුටු වහාම කුරුණෑගල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ අප අමතමින් හැකි ඉක්මණින් නීතිය ක්‍රියාත්මක කිරීමට උපදෙස් දෙන බව කියා සිටියේය.  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිිකාරීවරයා මැදිහත් වී මෙම නීතිවිරෝධී ශබ්ද විකාශනය නතර කර ඇතැයි අපට වාර්තා වෙයි.

වීරඹුගෙදර පොලිස් බල ප්‍රදේශයේ, සඳගල බාර් හන්දියේ ඇති බෝගස අසළ නීති විරෝධී ලෙස ශබ්ද විකාශන යන්ත්‍ර දෙකක් සවිකර සෑම උදෑසනකම 5.00 සිට 6.00 දක්වාත් ඇතැම් දිනවල දී සවස් කාලයේ දී සහ පොහොය දිනවල පැය ගණනක් විවිධ ආගමික වැඩසටහන් ප්‍රචාරය කරමින් තිබිණි. මේ සම්බන්ධයෙන් 119 ට අමතා පැමිණිලි කළ ද වීරඹුගෙදර පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.එල්.පී.චන්ද්‍රසේකර නීතිය ක්‍රියාත්මක කළේ නැත.

එලෙස නීතිය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් අප කළ විමසීමක දී ස්ථානාධිපතිවරයා කීවේ තමන් ශබ්ද විකාශන නීතිය නොදන්නා බවයි. පොලිස්පතිවරයාගේ චක්‍රලේඛය ගැන ද නොදන්නා බව ඔහු කීවේය. නීතිය නොදැනීම නිදහසට කරුණක් නොවන බව කියමින් අප ඔහුට අවශ්‍ය නීතිමය කරුණු ලබා දී ස්ථානාධිපතිවරයා දැනුම්වත් කළේය. නමුත් ඔහු එම අපරාධමය වරදට තවදුරටත් ආධාර අනුබල දුන්නා මිස එය ඉවත්කිරීමට කටයුතු කළේ නැත.

මේ සම්බන්ධයෙන් rata.lk වෙබ් අඩවිය ඊයේ අනාවරණය කිරීමෙන් පසු ප්‍රමාද වී හෝ නීති විරෝධී ශබ්ද විකාශන යන්ත්‍රය ගලවා ඉවත්කර තිබේ. ඊයේ (09) රාත්‍රියේ මේ ශබ්ද විකාශනය පවත්වාගෙන යන නිවසට පැමිණි පොලිසිය එහි කරන ලද සාකච්ඡාවකින් පසු ඉනිමගක් තබා ශබ්ද විකාශන යන්ත්‍ර ගලවා ඉවත්කර ඇත.

රටේ පවතින නීතිය අනුවනම් කළ යුතු වන්නේ එම ශබ්ද විකාශන උපකරණ (හෝන්, බෆල් සහ ඇම්ප්ලිෆයර්) අත්අඩංගුවට ගෙන එය ක්‍රියාත්මක කරවන ලද පුද්ගලයා සමඟ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීමයි. එවැන්නක් වීරඹුගෙදර ස්ථානාධිපිතවරයා කරන්නේ දැයි අප දන්නේ නැත. කෙසේ වෙතත් මේ වනවිට එම ශබ්ද විකාශන යන්ත්‍ර ගලවා ඉවත්කර තිබේ.

Related articles

Recent articles

spot_img