සියලු රාජ්‍ය සේවකයන් වයස අවුරුදු 60න් අනිවාර්යයෙන් ම විශ්‍රාම ගතයුතු යැයි සඳන් ගැසට් නියෝගය ඊයේ (05) නිකුත් කර තිබේ.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ස්වදේශ කටයුතු රාජ්‍ය පරිපාලන සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා මෙම ගැසට් නිවේදනයට අත්සන් තබා ඇත.
ඒ අනුව මේ වනවිට වයස අවුරුදු 60 සම්පූර්ණ වී තවමත් සේවයේ නිරතව සිටින සියලු ම රාජ්‍ය නිලධාරීන් ලබන දෙසැම්බර් 31 වැනි දා වනවිට සේවයෙන් ඉවත්ව යා යුතුය.
එම ගැසට් නිවේදනයට අනුව ඕනෑම අයකුට වයස අවුරුදු 55 සම්පූර්ණ වූ විට තම කැමැත්තෙන් විශ්‍රාම ගැනීමේ හැකියාව පවතී. එවැනි අයකු සේවයේ රඳවා ගැනීමට බලධාරීන් විසින් තීරණය කරන්නේ නම් හැර අනිවාර්යයෙන් විශ්‍රාම ගැනීම සිදුවෙයි.
විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 17 වන වගන්තිය සම්පූර්ණයෙන් ඉවත් කර අදාළ නියෝගය ආදේශ කරමින් එය සංශෝධනය කර එම නව ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කර ඇත.
