කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (05) දිනයේ ගනුදෙනු 19,953ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,935ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 74ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,843ක් ලෙසිනි
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,163
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 382
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 343
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 45
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 08
- එක්ස්පෝ ලංකා සමාගම කොටස් මිලියන 05
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- අමානා ලයිෆ් සමාගම 23%
- සීඅයිටී සමාගම 14%
- රේඩියන්ට් ජෙම් සමාගම 13 %
සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගමේ කොටස් 3,640,000 රුපියල් 200.00 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 402
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 206
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 198
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 886 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 10 කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 876ක මුදලක් කොටස් වෙළෙඳ පොළට ආයෝජනය කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 732
- එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 117
- සන්ෂයින් හෝල්ඩින්ස් රුපියල් මිලියන 08
විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- බයිරහා ෆාම් සමාගම රුපියල් මිලියන 1.1
- අලියාන්ස් සමාගම රුපියල් මිලියන 0.9
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ