මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිිරිසේන හිටපු ජනාධිපතිවරු දෙදෙනා 2014 වර්ෂයේ සිට 2019 දක්වා කාලයේ දී සිය කාර්ය මණ්ඩල නඩත්තු කිරීම සඳහා රුපියල් ලක්ෂ 14,800ක් වියදම් කර ඇතැයි වාර්තා වේ.
මේ බව අනාවරණය වී ඇත්තේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක ලයනල් ගුරුගේ විසින් කරන ලද ඉල්ලීමකට අනුව තොරතුරු පනත යටතේ ලැබී ඇති තොරතුරුවලිනි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ 2010 වර්ෂයේ සිට 2014 වර්ෂය දක්වා සිය පුද්ගලික කාර්ය මණ්ඩයේ 2578 දෙනකු නඩත්තු කිරීම සඳහා රුපියල් ලක්ෂ්‍ය 6,300ක් වියදම් කර ඇත.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2015 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා තම පුද්ගලික කාර්ය මණ්ඩලයේ 1,317 දෙනකු නඩත්තු කිරීම සඳහා රුපියල් ලක්ෂ 8,500ක් වැය කර තිබේ.
ඒ අනුව හිටපු ජනාධිපතිවරුන් දෙදෙනා වසර 09ක කාලයේ දී රුපියල් ලක්ෂ 14,800ක මුදලක් තම පුද්ගලික කාර්ය මණ්ඩල නඩත්තු කිරීම සඳහා වැය කර ඇතැයි වාර්තා වේ.