කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (02) දිනයේ ගනුදෙනු 21,379ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,007ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 65ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,769ක් ලෙසිනි
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,460
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 592
- පෝර්ට් ලෑන්ඩ් සමාගම රුපියල් මිලියන 284
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 23
- එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 21
- පෝර්ට් ලෑන්ඩ් සමාගම කොටස් මිලියන 09
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම 33%
- එල්සීබී ෆිනෑන්ස් සමාගම (X) 33%
- ෆස්ට් කැපිටල් සමාගම 13 %
සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්
- ජෝන් කීල්ස් සමාගම කොටස් 750,000ක් රුපියල් 140.00 බැගින්
- සීඑස්එල්බී සමාගම (පෝර්ට් ලෑන්ඩ්) කොටස් මිලියන 6.5ක් රුපියල් 31.00 බැගින්
- එක්ස්පෝ ලංකා සමාගමේ කොටස් 5,624,000ක් රුපියල් 198.00 බැගින්
- සම්පත් බැංකුව කොටස් 556,000ක් රුපියල් 36.00 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 380
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 200
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 193
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 1,220ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 169 කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 1,051ක මුදලක් කොටස් වෙළෙඳ පොළට ආයෝජනය කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,024
- එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 25
- සම්පත් බැංකුව රුපියල් මිලියන 08
විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 11
- යුනියන් බැංකුව රුපියල් මිලියන 09
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 04
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ