spot_img
spot_imgspot_img

ගාල්ලේ මහාධිකරණයෙන් පොලිසියට දෝෂාරෝපණයක්. ගෙවල් ගිනිතැබීමත් හෙළා දකී

පුවත්

විදෙස්

මැති ඇමතිවරුන්ගේ නිවාස ගිනිතැබූ අවස්ථාවල දී පොලිසිය ක්‍රියාකළ ආකාරය සහ පරීක්ෂණ පැවැත්වූ ආකාරය පිළිබඳ ගාල්ල මහාධිකරණ විනිසුරු කාවින්ද්‍යා නානායක්කාර අද (02) දැඩි දෝෂාරෝපණයක් එල්ල කළාය.

විනිසුරුවරිය එහි දී අරගලකරුවන් විසින් මහජන නියෝජිතයන්ගේ ගෙවල් ගිනි තැබීම දැඩි ලෙස හෙළා දකිමින් කියා සිටියේ එවැනි දේ නැවත සිදු නොවිය යුතු බවයි.

අමාත්‍ය රමේෂ් පතිරණගේ නිවසට ගිනිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි ශාන්ත තිලකරත්න නමැති අයකු විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිශෝධන ඉල්ලීමක් සළකා බැලූ අවස්ථාවේ දී ය.

පසුගිය ජූලි 27 වැනි ද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණ්‍ය නියෝග කර තිබුණේ ඔහුට ඇප ලබාදිය නොහැකි බවයි. එම නියෝගය හේතුවෙන් අගෝස්තු 08 වැනිදා මහාධිකරණ්‍යට ප්‍රතිශෝධන ඉල්ලීමක් ගොනුකර තිබිණනි. එම ඉල්ලීම සළකා බැලූ අවස්ථාවේ දී පොලිසිය නඩුව ගොනුකර තිබූ ආකාරය සහ නඩුවේ සාක්ෂි ඉදිරිපත් කර තිබූ ආකාරය පිළිිබඳව ද මහාධිිකරණ විිනිසුරුවරියගේ දෝෂ දර්ශන එල්ලවිය.

එම පෙත්සම සළකා බැලීමෙන් අනතුරුව සැකකරුට රුපියල් 150,000.00ක මුදල් ඇපයක් සහ රුපියල් 05 බැගින් වූ ශරීර ඇප 04ක් මත ඇප ලබාදීමට නියෝග කෙරිණි. තවද සෑම ඉරිදා දිනකම පොලිසට ගොස් අත්සන් කළ යුතු බව ට ද නියෝග කළේය.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධි නීතිඥ තාරකා කෝදාගොඩ පෙනී සිටිය අතර පෙත්සම්කරු රජින්ද්‍ර නාරගොඩ ගේ උපදෙස් පරිදි නීතිඥ පිනිපා ගොඩගේ, ජනාධිපති නිතිඥ කාලිංඝ ඉන්ද්‍රතිස්ස සහ අජිත් කුමාර, චන්දන ගොඩකන්ද, ජානක හැන්නදි යන නීතිඥවරු පෙනී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!