රාජසන්තක කර ඇති වාහන පොලිසියට ලබා දෙන ලෙස අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශය රජයෙන් ඉල්ලීමක් කර ඇත.
අමාත්‍ය චමල් රාජපක්ෂගේ ඉල්ලීම මත මේ සඳහා කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කර ඇතැයි වාර්තාවේ.
ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කරන ලද වාහන 229ක් දැනට මට්ටක්කුලිය වාහන අංගනයේ ඇති අතර අමාත්‍යාංශය ඉල්ලා සිටින්නේ මේ වාහන පොලිසියට ලබා දෙන ලෙසයි.
පොලිසියට ප්‍රමාණවත් තරම් වාහන නොමැතිවීමෙන් ගැටලු රැසක් ඇතිවී තිබෙන බව ද අමාත්‍යාංශය පවසයි.