කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (14) දිනයේ ගනුදෙනු 14,484 ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 941 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 55ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,364ක් ලෙසිනි
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 142
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 140
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 64
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 08
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 3.6
- ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම කොටස් මිලියන 3.3
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- සෙරනඩිබ් හෝටල් සමාගම ® 22%
- පැරගන් සමාගම 21%
- රෝයල් ෆාර්ම් සමාගම 19%
සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්
- සම්පත් බැංකුව කොටස් මිලියන 1.2 රුපියල් 32.00 බැගින්
- ජෝන් කීල්ස් සමාගම කොටස් 255,000ක් රුපියල් 139.00 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 289
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 193
- නන්ද ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 183
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 39ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 62 කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 23ක මුදලක් කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 18
- ඩිප් ප්‍රඩක්ට් සමාගම රුපියල් මිලියන 12
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 03
විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 35
- මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 19
- ලංකා ටයිල්ස් සමාගම රුපියල් මිලියන 03
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ