spot_img

උසස් පෙළ විභාග ඇගයීමට ගුරුවරුන් නෑ ?

පුවත්

විදෙස්

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු සඳහා ගුරුවරුන්ගේ ඉල්ලුම් පත්‍ර ප්‍රමාණවත් තරම් ලැබී නැතැයි විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු පැවසීය.

මෙම තත්වයට හේතු වී ඇත්තේ මින් පෙර සිදුකරන ලද උසස් පෙළ ඇගයීම් කටයුතු සඳහා ගෙවිය යුතු මුදලින් රුපියල් කෝටි 60ක පමණ මුදලක් මෙතෙක් ගෙවා නොතිබීම බව ද වාර්තා වේ.

මෙම හිඟ මුදල් ගෙවනතුරු ගුරුවරු උසස් පෙළ විභාග ඇගයීම් කටයුතු සඳහා සහභාගී නොවන බව කල් ඇතිව ම ලිඛිතව දැනුම් දි ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාර්ලිං පවසයි.

හිඟ මුදල රුපියල් කෝටි 100ක්ව පැවති අතර ඉන් රුපියල් කෝටි 40ක මුදලක් පසුගිය කාලයේ දී ගෙවා තිබූ බැවින් දැනට ගෙවීමට ඉතිරිව ඇති මුදල රුපියල් කෝටි 60කි.

මේ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමක දී එහි උසස් නිලධාරියකු කියා සිටියේ භාණ්ඩාගාරයෙන් ප්‍රතිපාදන ලැබෙන ආකාරයට හිඟ මුදල් ගෙවීමට සිදුවන බවයි. ඒ සඳහා විභාග දෙපාර්තමේන්තුවට කළ හැකි කිසිවක් නැති බව ද ගුරුවරුන්ට විභාග ඇගයීම් කටයුතු සඳහා ඉල්ලුම් කිරීමට දී ඇති අවසන් දිනය අද (08) වුව ද එය දින නියමයක් නැතිව කල් දැමීමට සිදුවනු ඇතැයි ද විභාග දෙපාර්තමේන්තුව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles