spot_img
spot_imgspot_img

ගුරුවරුන්ගේ ඇඳුමට භික්ෂූන්ගෙන් විරෝධයක්

පුවත්

විදෙස්

ගුරුවරුන්ට සුදුසු, පහසු ඇඳුමකින් සේවයට වාර්තා කිරීමට අවස්ථාව ලබා දෙන්න යැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලිං කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් නුගේගොඩ නාලන්දාරාමාධිපති තීනියාවල පාලිත හිමි අද (03) මාධ්‍ය හමුවක් පවත්වමින් විරෝධතාව ප්‍රකාශ කළේය.  

ගුරුවරුන්ගේ ඇඳුමට විරුද්ධව අදහස් දක්වන තීනියාවල පාලිත හිමි පවසන්නේ රාජ්‍ය  පරිපාලන අමාත්‍යාංශය ඉකුත් සැප්තැම්බර් 27 දින නිකුත් කර ඇති චක්‍රලේඛය ගුරුවරුන්ට අදාළ නොවිය යුතු බවයි.

මෙරට චිරකාලීන බෞද්ධ සංස්කෘතික උරුමය තුළ භික්ෂුන් වහන්සේලා, හමුදා නිලධාරීන්, පාසල් ගුරුවරුන්, සිසු සිසුවියන් ආදී ක්ෂේත්‍රයන්හි පිරිස්වලට අනන්‍යතාව විදහාපාන නිල ඇදුමක් පවතින බවත්, විවිධ පාර්ශවවල අභිමතය පරිදි එය වෙනස් කළ නොහැකි බවත් උන්වහන්සේ කීහ.

ගුරුවරුන්ගේ ඇඳුම සම්බන්ධයෙන් රජයෙන් කිසිදු චක්‍රලේඛකයක් හෝ උපදෙසක් නිකුත් කර නැත. එබැවින් දැනට ගුරුවරුන්ට නිල ඇඳුමක් ඇතැයි කීම තීනියාවල පාලිත හිමි කරුණු නොදැන කරනු ලබන ප්‍රකාශයක් බව ගුරුවරු පෙන්වාදෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!