කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (28) දිනයේ ගනුදෙනු 33,138 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,131 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 97ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,958 ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ඒසීඑල් කේබල් සමාගම රුපියල් මිලියන 458
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 299
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 198
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 45
- එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 21
- ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම කොටස් මිලියන 09
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම 33%
- අමානා තකාෆුල් සමාගම 25%
- ෂලිමර් සමාගම 20%
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 434
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 239
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 190
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 71ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 50ක් කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 21ක මුදලක් කොටස් වෙළෙඳ පොළට එකතු කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 14
- එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 07
- සීඅයිසී සමාගම රුපියල් මිලියන 06
විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- ලංකා වෝල් ටයිල් සමාගම රුපියල් මිලියන 39
- රේණුක ෆුඩ්ස් සමාගම රුපියල් මිලියන 1.2
- කැලණි කේබල් සමාගම රුපියල් මිලියන 0.9
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ