කොළඹ මහ නගර සභාවේ සේවකයන් 09කට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ඊයේ (02) ලැබුණු පීසීආර් වාර්තා අනුව තහවුරු වූ බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
මේ අනුව එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා ඔවුන් නිරෝධායන කටයුතු සඳහා යොමුකිරිමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබේ.