කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (16) දිනයේ ගනුදෙනු 37,227 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 5,344 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 11කින් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 10,061 ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 2,000
- රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 353
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 292
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 401
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 15
- ෆස්ට් කැපිටල් සමාගම කොටස් මිලියන 11
- රෝයල් සෙරමික් සමාගම කොටස් මිලියන 08
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ලංකෙම් සිලෝන් සමාගම 26%
- සෙරන්ඩිබ් ලෑන්ඩ් සමාගම 21%
- ෆස්ට් කැපිටල් සමාගම 17%
සංවෘත කවය තුළ සිදුවූ ගනුදෙනු
- එක්ස්පෝ ලංකා සමාගම කොටස් මිලියන 7.5 රුපියල් 230.00 බැගින්
- රෝයල් සෙරමික් සමාගම කොටස් මිලියන 04ක් රුපියල් 40.00 බැගින්
- සිටිසන් ඩිවෙලොප්මන්ට් බැංකුව කොටස් 700,000ක් රුපියල් 200.00 බැගින්
- මෙල්ස්ටා කොප් සමාගම කොටස් 500,000ක් රුපියල් 57.50 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 453
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 255
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 203
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 1,812ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 62ක් කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 1,750 මුදලක් කොටස් වෙළෙඳ පොළට එකතු කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,756
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 24
- ඩිප් ප්‍රඩක්ට් සමාගම රුපියල් මිලියන 12
විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ
- මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 35
- ලන්කෙම් සිලෝන් සමාගම රුපියල් මිලියන 06
- ෆෝර්ට් ලෑන්ඩ් සමාගම රුපියල් මිලියන 06