කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (14) දිනයේ ගනුදෙනු 37,030 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,096 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 165කින් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,914ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 842
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 257
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 246
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 32
- ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම කොටස් මිලියන 08
- සමූපකාර රක්ෂණ සමාගම කොටස් මිලියන 07
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- පැරගන් සමාගම 24%
- සිලෝන් ප්‍රින්ටර්ස් සමාගම 24%
- ඔෆීස් ඉක්‍යුප්මන්ට්ස් සමාගම 23%
සංවෘත කවය තුළ සිදුවූ ගනුදෙනු
- ඩයලොග් සමාගම කොටස් මිලියන 03ක් රුපියල් 8.80 බැගින්
- ජෝන් කීල්ස් සමාගම කොටස් 249,000 රුපියල් 135.00 බැගින්
- රෝයල් සෙරමික් සමාගම කොටස් ලක්ෂ 10ක් රුපියල් 40.00 බැගින්
- එක්ස්පෝ ලංකා සමාගම කොටස් මිලියන 2.95ක් රුපියල් 230.00 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 443
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 258
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 192
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 830ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 156ක් කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 674 මුදලක් කොටස් වෙළෙඳ පොළට එකතු කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 739
- සීඅයිසී පොහොර සමාගම රුපියල් මිලියන 20
- බලංගොඩ වැවිලි සමාගම රුපියල් මිලියන 07
විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 35
- ප්‍රීමා සමාගම රුපියල් මිලියන 29
- එයිට්කන්ට් ස්පෙන්ස් හොටෙල්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 22
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ