සියලුම රාජ්‍ය නිලධාරීන් වයස අවුරුදු 60 දී අනිවාර්යයෙන් විශ්‍රාම ගැන්වීමට අදාල චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායදුන්න විසින් නිකුත් කර තිබේ.
මෙවර අන්තර්කාලීන අයවැයේ දී ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව මෙලෙස විශ්‍රාම වයස් සීමාව සංශෝධනය කර ඇත.
අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හෝ අධිකරණ සංවිධාන පනත මගින් හෝ නිශ්චිතව තීරණය කර ඇති අධිකරණ සේවයේ නිලධරයන් හැර අනෙක් සියලු රාජ්‍ය සේවකයන් සඳහා මෙම චක්‍රලේඛයේ සඳහන් සංශෝධන ඇතුළත් වේ.
ඒ අනුව වෛද්‍යවරු, හෙද හෙදියන් ඇතුළු රාජ්‍ය සේවයේ සියලු දෙනා වයස අවුරුදු 60 දී අනිවාර්යයෙන් ම විශ්‍රාම ලැබිය යුතුය.
යම් විශේෂඥ සේවාවකට අයත් අයකුගේ සේවය තවදුරටත් අවශ්‍යයැයි හැඟෙන්නේ නම් විශ්‍රාම ලබා ගැනීමෙන් පසු යළි සේවයේ යෙදීමට අදාල 03/2018 චක්‍රලේඛය අනුව කටයුතු කරන බව ද අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ චක්‍රලේඛයේ සඳහන් කර ඇත.