spot_img
spot_imgspot_img

රැජින මැරුණා යැයි රට ම නිවාඩු දෙයි

පුවත්

විදෙස්

එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍යය පැවැත්වෙන සැප්තැම්බර් 19 වැනි දා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කිරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

එම දිනය ශ්‍රී ලංකාවේ ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

රජුගේ උපන්දිනය, රජුගේ අවමංගල්‍ය දිනය, රජුගේ රාජභිෂේක දිනය මෙරට නිවාඩු දිනයන් ලෙස සළකන ලද්දේ 1948 නිදහස ලැබීමට පෙර බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත් විජිතයක් ලෙස පවතින කාලයේ දී ය. 1972 ජනරජ ව්‍යවස්ථාවව සම්මත කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට පූර්ණ නිදහස ලැබිණි.

19 වැනි දා රජයේ නිවාඩු දිනයක් බවට පත්කර ඇතත් අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට බාධාවක් නොවිය යුතු බව ද එම අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

කොරෝනා වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් කාර්යාල නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා රජයේ කටයුතු බොහෝ ප්‍රමාද වී ඇති බවත් රජයම පවසයි. එමෙන් ම පාසල් වරින් වර වසා තැබීම හේතුවෙන් මේ වනවිට සැළසුම් සහගත අයුරින් විභාග පවත්වා ගැනීමට ද නොහැකි වී තිබේ. ඊට හේතු වී ඇත්තේ නිවාඩු විශාල සංඛ්‍යාවක් ලබා දී තිබීම නිසා විෂය නිර්දේශ සම්පූර්ණ කරගත නොහැකි වීමයි.

රැජිනගේ අවමංගල්‍යයට ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගී වන බව ද ප්‍රකාශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!