spot_img
spot_imgspot_img

ගෑස් හිඟය නිසා ලෝක බැංකුව දුන් සල්ලිවලින් කෝටි 130ක් ගසා කෑවේ කවුද ?

පුවත්

විදෙස්

ගෑස් හිඟය විසඳා ගැනීම සඳහා ලෝක බැංකුවෙන් ලබා දුන් රුපියල්  ආධාර මුදලින් රුපියල් ‍කෝටි 130ක් ගසා කා ඇතැයි කෝප් කමිටු සභාපති මාචාර්ය චරිත හේරත් මහනුවර දී කීවේය.

ඩොලර් 96ට ගත හැකි ගෑස් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 129ට ගැනීමට ගිවිසුමක් ඇතිකරගැනීම හේතුවෙන් ලෝක බැංකුව විසින් ජනතාව පත්ව ඇති අසීරුතා මඟහැරවීමට ආධාර ලබාදුන් බව ද හෙතෙම පවසයි.

නමුත් ඒ මුදලින් පවා ගසා කන තත්වයට රටේ එක් කණ්ඩායමක් පත්ව සිටින බව ද මේ මුදල ගත්තේ කවුද ? ඒවා බෙදුවේ කාටද ? යන්න රටේ දුක්විඳින ජනතාව නොදන්නා බව ද මහාචාර්ය වරයා කීවේය.

මෙරට ජනතාවට මාස 08ක පමණ කාලයක් ගෑස් නොමැතිව දුක් විඳීමට සිදුවූයේ කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් හේතුවෙන් බවත් එක් සමාගමකට දුන් කොන්ත්‍රාත්තුව ගෑස් සමාගමේ නව සභාපතිවරයා ‍විසින් නවතා දැමීම හේතුවෙන් ගෑස් සමාගම් දෙකේ නියෝජිත සමාගම් අතර ඇති වූ ගැටුමක් මේ ගෑස් හිඟයට හේතු වූ බවත් ඒවා ජනතාව නොදන්නා බවත් ඔහු මහනුවර වෘත්තිකයන්ගේ හමුව අමතමින් වැඩිදුරටත් කීවේය.

“මේ අවස්ථාවේ ලෝක බැංකුව ඩොලර් කෝටි 07ක් දුන්නා. රජයත් ඩොලර් කෝටි 02ක් එකතු කරලා ඩොලර් කෝටි 09ක වටිනාකමින් යුතු ගෑස් ගෙන්නවන්න කටයුතු කළා. ඒ අවස්ථාවේ දී කලින් ප්‍රතික්ෂේප වී සිටි සමාගම වෙනත් මුහුණුවරකින් නැවත ගිවිසුම් ඇතිකර ගත්තා. මේවා නිසා වංචා සිදුවනවා.” යැයි ද වැඩිදුරටත් කීවේය.

ගෝඨාභය රාජපක්ෂ සාටක නැතිව ටයි පැළඳගෙන ආවේ මේ ක්‍රමය වෙනස් කිරීමට යැයි අපේක්ෂා කළඳ එය වැරදුණු බව ද මහාචාර්ය වරයා කීවේය. ඒ නිසා එම වැරැද්ද නිවැරදි කරන්න තමන්ටත් වගකීමක් තිබෙන බව ඔහු පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!