කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (12) දිනයේ ගනුදෙනු 40,149 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,785 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 108කින් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,813ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 735
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 367
- එක්ස්පැක් සමාගම රුපියල් මිලියන 331
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 41
- එක්ස්පැක් සමාගම කොටස් මිලියන 120
- එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 1
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- කැලණි කේබල් සමාගම 24%
- සියරා කේබල් සමාගම 20%
- ඇක්සස් ඉන්ජිනියරින් සමාගම 14%
සංවෘත කවය තුළ සිදුවූ ගනුදෙනු
- එක්ස්පැක් සමාගමේ කොටස් මිලියන 15ක් රුපියල් 16.00 බැගින්
- රෝයල් සෙරමික් සමාගම කොටස් ලක්ෂ 10 රුපියල් 38.50 බැගින්
- ජෝන් කීල්ස් සමාගම කොටස් ලක්ෂ 08ක් රුපියල් 132.00 සහ 133.00 බැගින්
- මෙල්ස්ටා කොප් සමාගම කොටස් ලක්ෂ 04ක් රුපියල් 59.50 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 449
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 268
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 184
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 236ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 183ක් කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 53 මුදලක් කොටස් වෙළෙඳ පොළට එකතු කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 72
- මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 41
- බලංගොඩ වැවිලි සමාගම රුපියල් මිලියන 14
විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 63
- රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 08
- සිලෝන් ගාර්ඩියන් සමාගම රුපියල් මිලියන 08
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ