spot_img
spot_imgspot_img

කරාපිටිය රෝහලේ දී දැරියක් අපයෝජනය කළා යැයි සැක වෛද්‍යවරයාට ඇප ලැබෙයි

පුවත්

විදෙස්

කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි 15 වියැති දැරියක අපයෝජනය කළා යැයි චෝදනා එල්ල වී සිටින වෛද්‍යවරයා අද (12) රුපියල් ලක්ෂ 03ක ශරීර ඇප මත මුදාහැරීමට මහේස්ත්‍රාත් අධිකරණය කටයුතු  කර තිබේ.

මෙම සැකකාර වෛද්‍යවරයා නීතිඥයකු මාර්ගයෙන් පොලිසියට බාර වූ අවස්ථාවේ දී අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දැරිය පරීක්ෂණයක් සඳහා විකිරණ අංශයට යොමු කර සිටිය දී ඇය වෛද්‍යවරයාගේ අතවරයට ලක්ව ඇතැයි දැරියගේ මව පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි. ඒ අනුව දැරිය කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට යොමු කර වාර්තාවක් ලබාගෙන ඇති අතර වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර තිබිණි.

පොලිසිය තමන් අත්අඩංගුවට ගැනීමට සොයන බව දැනගත් වෛද්‍යවරයා නීතිඥයකු මාර්ගයෙන් පොලිසියට ඉදිරිපත් වූයේය.

දැරිය අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර ඇති අතර ගාල්ල පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන අතර කරාපිටිය රෝහල ද අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!