spot_img
spot_imgspot_img

තුවාල සහිත මියගිය තරුණයකුගේ සිරුරක් හැටන් නුවරඑළිය මාර්ගයේ

පුවත්

විදෙස්

තුවාල කිහිපයක් සහිතව මියගොස් සිටි තරුණයකුගේ මළ සිරුරක් ඊයේ (11) රාත්‍රී හමු වූ බව දිඹුල පතන පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ තලවකැලේ තාවකාලිකව පදිංචි වී මත්ස්‍ය වෙළෙඳ සැළක සේවය කරමින් සිටි 30 හැවිරිදි තරුණයෙකි.

ඔහුගේ මළ සිරුර හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල හන්දිය අසළ තිබී හමුවූ බවත් ඔහුගේ සිරුරේ තුවාල කිහිපයක් දක්නට ඇති බවත් පොලිසිය කියයි. එම සිරුර හමුවූ ස්ථානය අසළ මාර්ගයේ තැන් කිහිපයක ම මියගිය තරුණයාගේ යැයි සිතිය හැකි රුධිර පැල්ලම් දක්නට ඇත. ඔහු මියගිය ආකාරය මෙතෙක් අනාවරණය වී නැතැයි පොලිසිය පවසයි.

ඔහු කිසියම් වාහනයක හැපී මියගියා ද නැතිනම් ඝාතනය කර ඇත්ද යන්න පිළිබඳ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

ඊයේ රාත්‍රි 11.00ට පමණ මියගිය තරුණයකුගේ සිරුරක් කොටගල හන්දියේ ඇති බවට ප්‍රදේශවාසීන් විසින් පොලිසියට දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!