තුන්වැනි චාර්ල්ස් රාජ්‍යත්වයට පත්විමත් සමඟ බ්‍රිතාන්‍යයේ විශාල වෙනස්කම් සිදුවනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
තුන්වැනි චාර්ල්ස් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ රජ වූ වයස්ගත ම පුද්ගලයා වන අතර ඔහු මේ වනවිට 73 වැනි වියේ පසු වෙයි.
බ්‍රිතාන්‍ය ජාතික ගීයේ සඳහන් වන “ගෝඩ් සේව් ද ක්වීන්” “දෙවියන් රැජින රැකදේවා” යනුවෙන් ඇති සඳහන “ගෝඩ් සේව් ද කින්ග්” “දෙවියන් රජු රැකදේවා” ලෙස වෙනස් වෙයි.
මහ රැජිනගේ රුව රැගෙත් කාසි බිලියන 29ක් තුන්වැනි චාර්ල්ස් රජුගේ රුව සහිතව නිකුත් කිරීමත් සිදුකෙරෙනු ඇත.
රැජිනගේ රාජකීය අවමංගල්‍ය උත්සවය ලබන 19 වැනි දා පැවැත්වෙන අතර අවමංගල්‍ය උත්සවය අවසන් වී සතියක් ගතවන තුරු බ්‍රිතාන්‍යයේ ශෝක කාලයක් ද ප්‍රකාශයට පත්කර තිබේ.
චාර්ල්ස් මේ වනවිටත් සිය මව් රැජිනගේ අවෑමෙන් බ්‍රිතාන්‍යයේ රජු වශයෙන් පත්ව ඇති අතර ඔහුගේ රාජාභිෂේකය 2023 වර්ෂයේ දී පැවැත්වීමට නියමිතය.