කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (09) දිනයේ ගනුදෙනු 38,856 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,125 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 104කින් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,704ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 486
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 475
- ජෝන් කීල්ස් රුපියල් මිලියන 397
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- ඉන්ඩස්ට්‍රියල් ඇක්ස් හෝල් සමාගම කොටස් මිලියන 17
- එස්එම්බී ලීසිං සමාගම කොටස් මිලියන 15
- කොටගල වැවිලි සමාගම කොටස් මිලියන 11
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම 25%
- මුලර්ස් සමාගම 23%
- එච්.බී.ඒ ෆුඩ්ස් සමාගම 20%
සංවෘත කවය තුළ සිදුවූ ගනුදෙනු
- රෝයල් සෙරමික් සමාගමේ කොටස් මිලියන 3.4ක් රුපියල් 36.50 බැගින්
- ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම කොටස් ලක්ෂ 07 රුපියල් 128.00 බැගින්
- රිචඩ් පීරිස් සමාගම කොටස් ලක්ෂ 10ක් රුපියල් 32.00 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 464
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 275
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 184
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 33ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 343ක් කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 310 මුදලක් කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කරගෙන තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- යුනියන් බැංකුව රුපියල් මිලියන 05
- ලංකා වෝල්ටයිල් සමාගම රුපියල් මිලියන 02
- සෙලාන් බැංකුව (X) රුපියල් මිලියන 01
විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 265
- එලිෆන්ට් හවුස් සමාගම කොටස් මිලියන 14
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 12
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ