විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට රහසිතව ඇතුළු වී එහි දත්ත වෙනස් කර වෙනත් වෙබ් අඩවියකට ඇතුළත් කර ඇතැයි සැකපිට අත්අඩංගුවට ගත් සිසුවා පරිගණක තාක්ෂණ වේදය පිළිබඳ ප්‍රවීණයකු බවත් ඔහු අපරාධයක් කර තිබේ ද යන්න පිළිබඳ තොරතුරු විමර්ශනය කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය පවසයි.
මෙම සිසුවා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ඇතුළු වී එහිි දත්ත වෙනස් කර වෙනත් දත්ත සකසා ඇතැයි චෝදනා කරමින් ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබිණි.
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ සිසුවකු වන ඔහු පවසා ඇත්තේ තමන් විභාග දෙපාරතමේන්තුවේ වෙබ් අඩවියේ ඇති විභාග ප්‍රතිඵල දත්ත සිය ජංගම දුරකථය සහ ලැප්ටොප් පරිගණය ආධාරයෙන් බාගත කර වෙනත් වෙබ් අඩවියක ප්‍රදර්ශනය කර ඇති බවයි. පැය 06කට ආසන්න කාලයක් සිසන් 360,000කගේ දත්ත ඔහු ලබාගෙන ඇති බව ද වාර්තා වේ. එම දත්ත වෙනස් කර හෝ විකෘතිකර නොමැති බව ද වාර්තා වේ.
2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනතට අනුව ඕනෑම රාජ්‍ය ආයතනයක වෙබ් අඩවියක ප්‍රදර්ශනය කරනු ලබන දත්ත ශ්‍රී ලංකාවේ ඕනෑම පුරවැසියකුට ලබා ගැනීමට නෛතික හිමිකමක් ඇත. එමෙන් ම එම පනත අනුව ලබාගන්නා තොරතුරු ඕනෑම කාර්යයක් සඳහා යොදා ගැනීමට අවසරය තිබේ.
ඒ අනුව රිච්මන්ඩ් විද්‍යාලයීය සිසුවා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ ඇති විභාග ප්‍රතිඵල දත්ත භාගත කර තමන් විසින් නිපපදවා ඇති වෙබ් අඩවියක හෝ වෙනත් අන්තර්ජාල අවකාශයක ප්‍රදර්ශනය කිරීම වරදක් යැයි චෝදනා එල්ල කළ හැකි ද යන්න ගැටලුවකි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ ද මේ වනවිට අනාවරණය වී ඇති තොරතුරු අනුව එම විභාග දත්ත වෙනස්කර නැති බව පෙනී ගොස් ඇති බවයි.
සැකකාර සිසුවා පවසා ඇත්තේ තමන් අත්හදා බැලීමක් ලෙස මෙය සිදුකර බවයි.
මෙවැනිම සිදුවීමක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාව සිටිය දී සිදුවිය. දිනක් ජනාධිපතිවරයාගේ වෙබ් අඩවියට ඇතුලු වූ අයකු එහි මිනී ඔළුවක සළකුනක් යොදා තිබිණි. පසුව ජනාධිපති මාධ්‍ය ඒකකය මේ පිළිබඳ සොයා බැලීමේ දී අනාවරණය වූයේ එය පාසල් සිසුවකු විසින් සිදුකර ඇති බවිය. පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන පරීක්ෂණ ආරම්භ කළ ද ජනාධිපතිවරයා ඔහුට සමාව දී පරිගණක ක්ෂේත්‍රයේ ඉහළට යාමට අවශ්‍ය පහසුකම් ද සපයා දී තිබිණි. දැන් ඔහු පරිගණක ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වී සිටියි.