spot_img
spot_imgspot_img

චීන පොහොරෙ නැවේ පාඩුව නිලධාරීන්ට ගෙවන්න වෙයි ?

පුවත්

විදෙස්

චීන නැවට ගෙවූ ඩොලර් 69 ලක්ෂයක මුදල ඊට වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව නඩු පවරා අයකරගන්නා ලෙස විගණකාධිපතිවරයා නිර්දේශ කර තිබේ.

චීනයෙන් පොහොර මෙට්‍රික් ටොන් 96,000ක් ගෙන්වා තිබූ අතර එය ගෙන්වීමේ දී කිසිදු සුරක්ෂණයක් නොතිබූ බව ද අනාවරණය වී තිබේ. මෙම පොහොරවල අහිතකර බැක්ටීරියා ඇති බැවින් එය මෙරටට ගොඩ බෑම සිදුකළේ නැත.

එම පොහොර සපයන බව පවසමින් මුදල් ලබාගෙන තිබීම සහ 2020-21 මහ කන්නය සඳහා පොහොර ලබා නොදීම හේතුවෙන් සැපයුම් සමාගම අසාදු ලේඛන ගත කර ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද විගණකාධිපතිවරාය දැනුම් දී ඇත.

තාක්ෂණ ඇගයීම් කමිටු සාමාජිකයන්, ප්‍රසම්පාදන කමිටු සාමාජිකයන්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, අතිරේක ලේකම්, අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පත්කෙරුණු ප්‍රමිති නිලධාරීන්ගෙන් සමන්විත කමිටුව ඇතුළු පිරිසක් සම්බන්ධයෙන් මෙම වාර්තාවෙන් චෝදනා එල්ල කර ඇත.

චීනයේ කින්ඩාවෝ බයෝටෙක් සමූහ සමාගමෙන් පොහොර මෙට්‍රික් ටොන් 96,000ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලය විසින් පත්කෙරුණු ප්‍රසම්පාදන කමිටුව නිර්දේශ කර තිබූ බවත් එම සංදේශය සඳහා 2021 අගෝස්තු මස 18 වැනි දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන තිබූ බවත් විගණන වාර්තාවේ දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!