spot_img
spot_imgspot_img

බීමත්ව, අශෝබන ලෙස හැසිරුණු පාසල් සිසුවියකට සහ සිසුන් දෙදෙනකුට අධිකරණයෙන් ඇප

පුවත්

විදෙස්

අනුරාධපුර කුම්බිච්චන්කුලම වැව අසළ බීමතින් අශෝබන ලෙස හැසිරෙමින් සිටි පාසල් සිසුවියක් සහ පාසල් සිසුන් දෙදෙනකු රුපියල් එක් අයකුට රුපියල් ලක්ෂ 02ක් බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක ජයසූරිය අද (05) නියෝග කළේය.

එමෙන් ම ලබන 2023 වර්ෂයේ අප්‍රේල් මස 03 වැනි දින තම තමන්ගේ දෙමාපියන් සමඟ ඔවුන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස දනියෝග කෙරිණි.

ඔවුන් තිදෙනා අනුරාධපුර නගරයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ හදාරන බව ද අනාවරණය විය. ඔවුන් බීමත්ව සිටිමින් අශෝබන ලෙස හැසිරීමේ වරද වෙන් වෙන් වශයෙන් කියා දීමෙන් පසු අදාල සිසුවිය පමණක් තමන්ට එල්ල වී ඇති චෝදනාවලට වරදකරු බව නීතිඥ සංජය රත්නායක මගින් ප්‍රකාශ කළාය. නමුත් සිසුන් දෙදෙනා තමන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දුලානි කවීෂා මගින් කියා සිටියේ තමන් දෙදෙනාම එම චෝදනාවලට නිවැරදිකරුවන් බවයි.

පොලිසිය මේ අවස්ථාවේ අධිකරණය ප්‍රකාශ කළේ සැකකාර සිසුවිය සහ සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගත් අවස්ථාවේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛධ්‍ය නිලධාරීවරයාට ඉදිරිපත් කළ බවත් වෛද්‍යවරයාගේ වාර්තාව අනුව ඔවුන් තිදෙනා ම බීමත්ව සිටි බව තහවරු වී ඇති බවත් ය. එම වෛද්‍ය වාර්තා ද පොලිසිය අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!