spot_img
spot_imgspot_img

නිල්වලා ගඟේ දිය නෑමට ගිය සිව් දෙනකු අතුරුදන්

පුවත්

විදෙස්

පිටබැද්දර දී නිල්වලා ගඟේ දිය නෑමට ගිය හතර දෙනකු අතුරුදන්ව ඇතැයි පිටබැද්දර පොලිසිය පවසයි.

අද (26) සවස 12 දෙනකු පමණ ගල්පර සහිත බිසෝ ඇල්ල නමින් හඳුන්වන ස්ථානයේ දිය නාමින් සිටිය දී 04 දෙනකු අනතුරට පත්ව ඇත. ඔවුන් මිදිගම ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක සේවය කරන පිරිසකි. අකුරැස්ස පෝරතොට ප්‍රදේශයේ පැවැති සාදයකට සහභාගී වීමෙන් අනතුරුව දිය නෑමට ගොස් ඇතැයි ද පැවසේ.

ඔවුන් බීමතින් සිට ඇතැයි ද පොලිසිය සදහන් කළේය.

ගම්වාසීන් සහ පොලිසිය එක්ව අතුරුදන් වූ සිව්දෙනා සොයා මෙහෙයුම් ආරම්භ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!