spot_img
spot_imgspot_img

නිදහස ලැබූ රන්ජන්ට, එළියට ආ විගස රජයේ ලොකු් වගකීමක් පවරයි

පුවත්

විදෙස්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ලබා බන්ධනාගාරගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අද (26) ජනාධිපති සමාව ලබා නිදහස්වූයේය.

ඔහු නිදහස ලබා වැලිකඩ බන්ධනාගාරයෙන් පිටවන විටම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ඔහුට රජයේ වගකීමක් පවරා දෙමින් විශේෂ තනතුරකට පත්කිරීමේ ලිපියක් බාර දී ඇත.

විදේශගත ශ්‍රමිකයන්ගේ සුබසාධනය සහ ප්‍රවර්ධනය සඳහා වන තානාපතිධූරයට රන්ජන් රාමනායක පත්කිරීමට ඇමති මනූෂ නානායක්කාර කටයුතු කර තිබෙබ්.

රන්ජන් රාමනායක කියා සිටියේ මනූෂ නානායක්කාර ඇමතිවරයා විසින් පැවරූ වගකීම තමන් ඉතාමත් සතුටින් බාරගත් බවයි.

“Goodwill Ambassador of Migrant Workers” ලෙසින් හදුන්වන මෙම තනතුර සඳහා වැටුප් සහ දීමනා ලැබෙන්නේ නැත. එය ස්වේච්ඡා තනතුරකි.

විදේශ රැකියා ක්ෂේත්‍රයේ රන්ජන් රාමානායක සතු දැනුම සහ තරුණ පිරිස් සමඟ වැඩකිරීමේ ඔහුගේ ඇති හැකියාව හේතුවෙන් මේ තනතුර පිරිනැමූ බවත් ඔහු ඊට ඉතාත් සුදුසු අයකු බවත් මනූෂ නානායක්කාර අමාත්‍යවරයා කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!