spot_img

තෙල් ගනුදෙනු ගැන CID පරීක්ෂණ අරඹයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවට ඛනිජ තෙල් ආනයනය කිරීමේ දී, ඇණවුම් කිරීමේ ක්‍රමවේදය, මිල දී ගෙන ඇති ක්‍රියාවලිය, ගෙවීම් කළ ආකාරය  පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

එහි දී ටෙන්ඩර් ක්‍රියාවලිය මෙන් ම සැපයුම් කරුවන් තෝරාගැනීම පිළලිබඳව ද විමර්ශනය කිරීමට නියමිතය.

මෙම පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් කරන ලද පැමිණිල්ලකට අනුවය.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලාකං ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ කටයුතු සම්බන්ධයෙන් මේ පරීක්ෂණය සිදුවෙයි. අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳ දැනටමත් ඇමති කංචන විජේසේකර සහ ඛනිජ තෙල් සංස්ථාවේ සබාපති මොහොමඩ් උවයිස් යන දෙදෙනාගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බව වාර්තා වේ.

මෙම විමර්ශන සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ සහය ලබාගැනීමට ද අපේක්ෂිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එමෙන් ම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේව අක්‍රමිකතා සිදුවන බවට චෝදනා කරන වෘත්තීය සමිතිවලින් ද සහය ලබාගැනීමට අපේක්ෂිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles