spot_img
spot_imgspot_img

පෙම්වතුන් සමඟ දුම්පානය කරමින් සිටි, බාලවයස්කාර සිසුවියන්ට සිදු වූ දේ

පුවත්

විදෙස්

උපකාරක පන්තිවලට යන බව පවසමින් නිවසින් පැමිණ සිය පෙම්වතුන් සමඟ දුම් පානය කරමින් සිටි පාසල් සිසුවියන් දෙදෙනකු සහ ඔවුන්ගේ පෙම්වතුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය සඳහන් කරයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 15ක පාසල් සිසුවියන් දෙදෙනකු සහ වයස අවුරුදු 16 සහ 18ක් වූ පාසල් සිසුන් දෙදෙනෙකි.

ඔවුන් සිව් දෙනා මාතර නගරයේ ප්‍රසිද්ධ අවන්හළක මත්පැන් පානය සඳහා වෙන්කර ඇති ස්ථානයකට වී දුම්පානය කරමින් සිටිය දී අත්අඩංගුවට ගෙන ඇත.

බාල වයස්කාර දැරියන් දෙදෙනකුට සහ පාසල් වයසේ සිසුන් දෙදෙනකුට දුම් පානය සඳහා පහසුකම් සැපයීමේ චෝදනා යටතේ පොලිසිය එම අවන්හළේ කළමනාකරු අත්අඩංගුවට ගෙන ඇත.

දුම්පානය කරමින් සිටි සිසු සිසුවියන්ගේ දෙමාපියන් ගෙන්වා ඔවුන්ට තම දරුවන් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස අවවාද කර මුදාහැරීමට මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිතිනි වරුණි බෝගහවත්ත කටයුතු කළාය.

එම අවන්හලේ කළමනාකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!