ජාත්‍යන්තර මූල්‍ය අර්බුදයේ සහාය අවශ්‍යයැයි කියන්නේ ද්‍රෝහීන් බවත්, ඔවුන් සියලු දෙනා අල්ලා මුහුදට දැමිය යුතු බවත් වාසුදේව නානායක්කාර හිටපු අමාත්‍යවරයා කොළඹ දී මාධ්‍ය හමුවකට එක්වෙමින් කීවේය.
එසේ ප්‍රකාශ කළ හිටපු අමාත්‍යවරයා අද (16) පෙරවරුවේ චීනයට අයත් නෞකාව පිළිගැනීම සඳහා හම්බන්තොට වරායට ගියේය.
ඔහු පවසන්නේ ගාලු මුවදොර අරගලකරුවන් පවා ජාත්‍යන්තර අරමුදල ගැන ප්‍රශ්න මතුනොකළ බවයි. රාජ්‍ය ව්‍යවසාය පුද්ගලීකරණය කිරීම ගැන ද අරගලකරුවන් විරෝධය පළ නොකළ බවත් හෙතෙම පවසයි.
ශ්‍රී ලංකාවේ ආණ්ඩුව මෙන් ම විපක්ෂයේ ද සිටින වැඩි පිරිසක් අයිඑම්එෆ් කාරයන් යැයි ද්‍රෝහීන් අල්ලා මුහුදට දැමිය යුතුයැයි වාසුදේව නානායක්කාර පවසයි.
ශ්‍රී ලංකාව 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කර ඇතැයි ද ලංාකවේ අද ඇති වී තිබෙන අර්බුදයට හේතුව එවැනි මැදිහත්වීම් බව ද ඔහු පවසයි.
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පාලන කාලයේ දී වාසුදේව නානායක්කාර කැබිනට් අමාත්‍යවරයකු ලෙස කටයුතු කළේය.
ශ්‍රී ලංකා මූල්‍ය අර්බුදයකට ලක්වීමත් සමඟ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවා කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු නොකිරීම තම රජය ගත් අනුවණ ක්‍රියාවක් බවයි.
ශ්‍රී ලංකාව වැනි මූල්‍ය අර්බුදවලට ලක්වූ බොහෝ රටවල් එයින් මිදීම සඳහා ජාත්‍යන්තර අරමුදලේ සහයෝගය ලබාගෙන ඇත. ඔවුන් ඉදිරිපත් කරනු ලබන කොන්දේසි පිළිගනිමින් ජාත්‍යන්තර සහය ගනිමින් එම රටවල් අර්බුදයට මුහුණ දී ඇත.
ශ්‍රී ලංකාවට වැඩිම ණය ප්‍රමාණයක් ලබා දී ඇති චීනය සමඟ ණය ප්‍රතිව්‍යුහගත කරන්න යැයි දැනටමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උපදෙස් දී තිබේ. ඒ සම්බන්ධයෙන් එම අරමුදල මැදිහත් කාර්යභාරයක් ඉටුකරන බව ද පවසා තිබේ.
මාධ්‍ය හමුවක් පවත්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන කතාකරන අය ද්‍රෝහීන් යැයි පැවසූ වාසුදේව නානායක්කාර එම ප්‍රකාශය කර පැය කිහිපයක් ගතවීමට පෙරප හම්බන්තොට ගොස් ශ්‍රී ලංකාවට වැඩිම ණය ප්‍රමාණයක් දී ඇති චීනයෙන් එවූ නෞකාව පිළිගත්තේය.