පිරිමි දරුවන් රැසක් අපයෝජනයට ලක්කිරීමේ චෝදනාකට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින ගාල්ල, උණවටුනේ කපුවා ඔහු අත්අඩංගුවට ගන්නා දිනයේ උදය වරුවේ හබරාදුව පාසලක ශිෂ්‍ය නායක පදක්කම් පැළඳවීමේ උත්සවයක ආරාධිත අමුත්තකු ලෙස සහභාගී වී ඇතැයි ද වාර්තා වේ.
කීර්ති කුමාර බටගොඩ නම් මෙම කපුවා එලෙස ශිෂ්‍ය නායක පදක්කම් පැළඳවීමේ උත්සවයක් සඳහා කැඳවා ඇත්තේ හබරාදුව පිටිදූවේ පිහිටි ප්‍රින්ස් ගුණසේකර කණිෂ්ඨ විද්‍යාලයෙනි. එම උත්සවය සඳහා ප්‍රදේශයේ අධ්‍යාපන බලධාරීන් ද සහභාගී වී ඇති අතර කපුවාට ද ඉහළ පිළිගැනීමක් ලැබී තිබිණි.
ඔහු මේ ආකාරයෙන් විවිධ පාසල්වල උත්සව සඳහා වරින් වර සහභාගී වී ඇතැයි ද වාර්තා වේ.