spot_img
spot_imgspot_img

පාර්ලිමේන්තුව විසුරුවනවාට පොහොට්ටුවේ පිරිසක් බිය වෙති

පුවත්

විදෙස්

ජනාධිපතිවරයාට වසර දෙකහමාරකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඇති බලයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු සිය විරෝධය දක්වා තිබේ. ඔවුන් අතරින් ඇතැම් මන්ත්‍රීවරු පවසන්නේ එම කාලය වසර හතරහමාරක් දක්වා දීර්ඝ විය යුතු බවයි.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ද පාර්ලිම්න්තුවක් රැස්වී වසර දෙකහමාරකට පසු ජනාධිපතිවරයාට එය විසුරුවාහැරීමේ බලය හිමිවෙයි. දැනට ක්‍රියාත්මක 20 වැනි සංශෝධනයේ ද එ එපරිදිම ඇතුළත්ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු ප්‍රකාශ කර ඇත්තේ එම කාලය දීර්ඝ විය යුතු බවයි.

කෙසේ වෙතත් වර්තමානයේ රටේ ඇති අර්බුදය හේතුවෙන් අවසන්වරට පාර්ලිමේන්තු මැතිවරණයකින් සහ ජනාධිපතිවරණයකින් ලබාදුන් ජනමතය දැන් වෙනස් වී ඇති බව බහුතරයක‍ගේ පිළිගැනීමයි. එවැනි අවස්ථාවක මහ මැතිවරණයක් පැවැත්වීම අර්බුදයට විසඳුමක් බව බොහෝ දෙනකුගේ අදහස වී ඇතත්, පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ඇත්තේ විකල්ප දෙකකි. එක් විකල්පයක් වන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයැයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන යෝජනවා 2/3ක බහුතරයකින් සම්මත කිරීමයි. අනෙක් ක්‍රමය වන්නේ වසර දෙකහමාර සම්පූර්ණ වූ පසු ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා

සමගි ජන බලවේගය සහ ඩලස් අලහප්පෙරුම ප්‍රමුඛ පාර්ශ්වය වසර දෙකහමාරකට කැමැත්ත පළ කර ඇති බව දැනගන්නට ඇත.

අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසන්නේ එම කාල සීමාව සම්බන්ධයෙන් යම් මතභේදාත්මක තත්වයක් පවතින බවයි.

එය නිරවුල් කර ගැනීමට සාකච්ඡා පවත්වන බවද හෙතෙම සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!