හැටන්, දික්ඔය මූලික රොහලේ කොරෝනා ආසාදිත රෝගීන් සඳහා අලුතෙන් ඉදිකරන ලද වාට්ටුවක් හෙදියන්ගේ නේවාසිකාගාරයක් බවට පත්කිරීමට එරෙහිව රෝහලේ විශේෂඥ වෛද්‍යවරු විරෝධය පළකර ඇති අතර වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමට ද සූදානමින් සිටිති.
කොරෝනා ව්‍යාප්ත වීමත් සමඟ ව්‍යාපාරිකයන් පිරිසක් විසින් මෙම නව වාට්ටුව ඉදිකර කොරෝනා ආසාදිතයන්ට නේවාසිකව ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය පහසුකම් සියල්ල ලබා දී තිබිණි.
රෝහලේ අධ්‍යක්ෂවරයා මේ වනවිට එම වාට්ටුව හෙදියන් 04 දෙනකුට නේවාසිකව සිටීම සඳහා බාර දී ඇත.
රෝහලේ විශේෂඥ වෛද්‍යවරු පිරිසක් පවසන්නේ මෙය අධ්‍යක්ෂවරයාගේ අත්තනෝමතික ක්‍රියාවක් බවයි. වෛද්‍යවරු පවසන්නේ මේ වනවිට කොරෝනා සමාජය තුළ පැතිරෙමින් පවතින බැවින් දික්ඔය මූලික රෝහලට ද නේවාසිකව ප්‍රතිකාර ලැබිය යුතු කොරෝනා ආසාදිතයන් පැමිණෙන බවයි. නමුත් ඔවුන් නේවාසිකව තැබීමට සිදුව ඇත්තේ සාමාන්‍ය වාට්ටුවක බවත් එය ඒ සඳහා නුසුදුසු බවත් වෛද්‍යවරු නගන චෝදනාවකි.
මේ සම්බන්ධයෙන් හැටන්, දික්ඔය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී තරින්ද්‍ර වීරසිංහ පවසන්නේ එම රෝහලේ ඇතැම් වෛද්‍යවරු නගන චෝදනා පදනම් විරහිත බවයි. නේවාසිකව ප්‍රතිකාර ලැබිය යුතු කොරෝනා රෝගීන් වාර්තා වුවහොත් එම රෝගීණ් ඇතුළත් කිරීමට පහසුකම් සහිත වාට්ටුවක් සූදානම් කර ඇති බව ද හෙතෙම පවසයි. එමෙන් ම එම වාට්ටුවට රෝගීන් ඇතුළත් කිරීමට හෙදියන් සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය සිය කැමැත්ත ලබා දී ඇති බවත් වෛද්‍යවරු විවිධ හේතු ඉදිරිපත් කරමින් එය මඟහරින බවත් හෙතෙම පවසයි.
විශේෂඥ වෛද්‍යවරු පවසන්නේන මේ ගැටලුව සම්බන්ධයෙන් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්සවරයාට ද පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවයි.